Colombo Today Local News

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

ලාදුරු රෝගය සමාජයේ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවිර පවසයි. මේ වසරේ ගතවූ කාලය තුළදී ලාදුරු රෝගීන් පන්සිය පනස් හත්දෙනකු වාර්තා වී තිබේ.

මින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව අසුපහකි. මෙම අසු පහෙන්ද සියයට විසිපහක් ළමුන් බව වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.

බස්නාහිර පළාතෙන්ද ලාදුරු රෝගීන් වැඩිවශයෙන් හමුවී ඇති අතර මේ වනවිට සමාජයේ ලාදුරු රෝගීන් පන්දහසක් පමණ සැඟවී සිටින බවද ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා පැවසීය. එසේම පසුගිය වර්ෂවලදී වාර්ෂිකව ලාදුරු රෝගීන් දෙදහසක් පමණ සමාජයෙන් හමුවූ බවත් ලාදුරු සඳහා රෝහල්වල ඖෂධ ඇති බවත් ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරයි.

විශේෂයෙන්ම ලාදුරු තවත් කෙනකුට බෝවීම සිදු වන්නේ ස්වසන මාර්ගයෙන් බවත් එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි. වසර පහක පමණ කාලයක් ලාදුරු වෛරසය ශරීරයේ පවතින බවත් එය මතුපිටින් පෙන්නුම් කරනු ලබන්නේ ඉන් පසුව බවත් වෛද්‍ය ප්‍රසාද් රණවීර වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

ලංසුව කෝටි 25ට නගී – ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු 5ක් සජිත්ට සහාය දෙන්න සූදානමින් !

colombotoday

අර්ජුන් සිංගප්පූරු යන්න කළින් සුජීවගේ ගෙදර ගියේ ඇයි ?

colombotoday

ඕෂධීට නාමයෝජනා දී ඇත්තේ නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක්..- බැසිල්

colombotoday

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය යළිත් හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මකයි

colombotoday