Colombo Today Local News

මැයි 9 මන්ත්‍රී නිවාසවලට පහරදුන් තවත් පහක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.

ඉකුත් මැයි 9 වැනි දින මෙම පහරදීම සිදුකර තිබිණි.

කුරුණෑගල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,27,29,36හා 55 අතර පසුවන මැල්සිරිපුර හා මලගනේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාරියපොල කුරුණෑගල පොලීසිය වෙත භාරදී ඇත.

Related posts

හිරිපිටිය රෝහලේ ඖෂධ ගබඩාව ගිනි ගනියි

colombotoday

මෛත‍්‍රී, මහින්ද, එස්.බී., දයාසිරි සමඟ සංවාද හතක් රන්ජන් පාර්ලිමේන්තුවට දෙයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම නිරීක්ෂණයට යුද හමුදාව යොදවයි

colombotoday

ස්වර්ණමහල් ජුවෙලර්ස් අධ්‍යක්ෂවරු කළු සල්ලි සැගවූ හැටි අධිකරණයේදී හෙළිවේ

colombotoday

නිවෙස් වලට පනින කුඩ්ඩා මාංචු පිටින් මුහුදට පැන පීනා යයි

Admin

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday