Colombo Today Local News

වවුනියාව සෙට්ටිකුලමේ දී හමුදාවට වෙඩි ප්‍රහාරයක්

වවුනියාව – සෙට්ටිකුලම කැළෑබද ප්‍රදේශයකදී විල්පත්තු කැළය ආශ්‍රිත ක්‍රියාන්විත රාජකාරියේ නිරත හමුදා භට කණ්ඩායමක් සහ ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

22 කුගෙන් සමන්විත අදාළ හමුදා භට කණ්ඩායම වෙත ඊයේ(01) රාත්‍රියේ ආයුධ සන්නද්ධව සිටි තුන්දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුව වවුනියාව රෝහලට මාරුකර යවා තිබේ.

ආයුධ සන්නද්ධව සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා පලාගොස් ඇති අතර, ඔවුන් සොයා සෙට්ටිකුලම පොලීසිය විමර්ශන සිදු කරන බව වාර්තාවේ.

Related posts

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.

Admin

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday

වීර මඩුගල්ලේ 199 වන ගුණානුස්මණ වෙනුවෙන් වීර මඩුගල්ලේ පිළිරුව නිරාවරණය කෙරේ

colombotoday