Colombo Today Local News

ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

ඒ අනුව පසුගිය සතියේ දි මීට අදාළ මුලික විමර්ශනයක් සිදුකළ බව එම කොමිසම සඳහන් කරයි.

මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ පිහිටි අනුරාධපුර ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (23) දිනයේ දී කොමිසමේ සභාපතිවරිය වෙත භාරදීමට නියමිතව තිබේ.

බුදු දහම ආරක්ෂා කිරීමේ වගකීම ව්‍යවස්ථානුකුලව රජයට පැවරී ඇති අතර එම කරුණ පදනම් කර ගනිමින් මානව හිමිකම් කොමිසම වෙත රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බවට පවසමින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

මෙහි වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව 7ක් නම් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව අදාළ පාර්ශවවලට පසුගිය සතියේ දී අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දැනුම් දුන්න ද කිසිදු පාර්ශවයක් එහි පැමිණ නොමැති බව වාර්තා වේ.

ඒ අනුව යළිත් වරක් අදාළ විමර්ශන සඳහා පැමිණෙන ලෙස එම පාර්ශව වෙත දැනුම් දී ඇති අතර ඉදිරියේ දී පුළුල්ව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday

අතේ පත්තුවූ සිංහරාජයේ ජාන කොල්ලය – ස්ලෝවැකියානුවන් පස්දෙනෙක් රිමාන්ඩ්

colombotoday

වරාය සේවකයින් වැඩ වර්ජන නවතා දැමීමට එකඟ වෙලා

colombotoday

උද්ධමනය ඉහළට…

colombotoday

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

ඩොලර් හොයන්න ගංජා වවන්න තීරණයක්

colombotoday