Covid 19

කොරෝනා ආසාදිතයින් 188ක් දැඩි සත්කාරවල – 1,002ක් ඔක්සිජන් මත යැපෙන්නන්

දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන් 1,002 දෙනෙකු සිටින බවය.

රජයේ සහ පෞද්ගලික රෝහල්වල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා පවතින ඇඳන් ධාරිතාව 39,160 ක් බව ද ඔහු සඳහන් කළේ ය.

එම ඇඳන්වලින් 34,800ක මේ වනවිට රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවය.

වෙනත් රෝගාබාධවලට ලක්වූ රෝගීන් 40,353 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 14,154 දෙනෙකු මේ වනවිට නිවෙස්වල ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේ ය.

Related posts

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

colombotoday

ඥාතීන් බාර නොගත් කොවිඩ් මළ සිරුරු ආදාහනය කරන්න – නීතිපතිගෙන් උපදෙස්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 912ක්

colombotoday

තවත් ආසාදිතයින් 211ක් හඳුනා ගනී

colombotoday