Colombo Today Local News

පස්සේ දොරෙන් ගෙට රිංගා පොලිස් නිලධාරිගේ බිරිඳට අතවර කරලා

විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසකට ඇතුල්වී එම නිවසේ කාමරයක් තුළ සිටි 34 හැවිරිදි එක් දරු මවක් බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයක් කළ සැකකරු රුපියල් ලක්‍ෂ 02 ක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුන්ගොඩ මහෙස්ත‍්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා පසුගිය දා නියම කළේය.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු මෙසේ ඇප මත මුදාහැරුණි. පැමිණිලිකාරියගේ සැමියා පොලිස් නිලධාරියකු බවත් ඔහු දුර බැහැර පළාතක සේවය කරන බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය. පැමිණිලිකාරිය තම පියා සමග නිවසේ ජීවත්වන බවත් පියා නිවසේ නොසිටි සවස් කාලයකදී සැකකරු විවෘත කර තිබූ පිටුපස දොරෙන් නිවසට ඇතුළු වී කාමරය තුළ සිටි පැමිණිලිකාරියට තර්ජනය කර බිය ගන්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවත් පැමිණිලිකාරියගේ කෑගැසීම ඇසී පියා නිවසට පැමිණි අවස්ථාවේ සැකකරු පළා යෑමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැකකරුට මෙසේ ඇප නියම කරන බවද අධිකරණයේදී සඳහන් විය.

Related posts

පාඨලී ගේ රියදුරුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

සුදු/රතු කැකුළු සහල්වලට උපරිම සිල්ලර මිලක්

colombotoday

’වතු ජනතාව බලාපොරොත්තු වන්නේ සාධාරණත්වය’

Admin

කොරෝනා ගැන දැනුම් දෙන්නේ හමුදාපති අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් – රංගේ බණ්ඩාර

colombotoday

ෆේස්බුක්වලට රැවටී ජන.8 කරගත්තේ මෝඩකමක්, ජනතාව අද පසුතැවෙනවා

colombotoday