Colombo Today Local News

බීමත් ඉන්දීය ජාතිකයා බුදුපිළිම කිහිපයක සිරස කඩා දමලා

කුලියාපිටිය රත්මලේවත්ත ප්‍රදේශයේ බොහෝ දෙනෙකුගේ වන්දනාවට පාත්‍ර වන නුගබෝධිය අසල බුදුපිළිම කිහිපයක සිරස කඩා දමා ඇතැයි ගම්වාසීන් ඊයේ (18)දින කළ දැනුම්දීම අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඉන්දීය ජාතික සැකකරුගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කළේ ස්වාමියා නිවසට පැමිණ නිදි නොමැතිව, අලුයම 2 වන තුරු සිට දුම්වැටියක් දල්වාගැනීමට ගිනිපෙට්ටියක් ඉල්ලූ බවයි. තමන් එය ප්‍රතික්‍ෂේප කළ නිසා ගිනිපෙට්ටියක් සොයා නිවස අසල ඇති එම ස්ථානයට යන්නට ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම අවස්ථාවේ තවත් දෙදෙනෙකු සිට ඇති බවට තමන්ට තොරතුරු ලැබුණු බවත් ඇය කීය. සිය ස්වාමියා වීසා ලබා මෙරට වාසය කරන බවත් එසේම ඔහු මතට දැඩිව ඇබ්බැහි වූ අයෙක් බවත් පැවසීය.

කෙසේවෙතත් එම ස්ථානයට වහා පැමිණි කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා රැස්ව සිටි ප්‍රකෝපකාරී වූ ජනතාව ප්‍රකාශ කළේ සන්සුන්ව කටයුතු කරන ලෙසයි. එමෙන්ම පොලිසිය මෙම සිදුවීම කිසිසේත් සුලුකොට නොතකමින් විධිමත් පරීක්‍ෂණ සියල්ලම කඩිනමින් සිදුකරන බවත් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හා ඔහුගේ ජංගම දුරකථන අදිය පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන බවත් පැවසීය.

Related posts

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday

උසස් පෙළ ප්‍රශ්න පත්‍රයක් එළියට… විභාග දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

Admin

දුමින්ද,අමරවීර ඇතුළු ශ්‍රිනිප මංත්‍රී කණ්ඩායම හෙට අනුරාධපුරයේදී ගෝඨාගේ වේදිකාවට

colombotoday

අවුරුදු 12 ත් 15 ත් අතර සියලු දරුවන්ට එන්නත් ලබාදීමට අනුමැතිය

colombotoday

ඉන්දු ලංකා පාලම් නෑ.. ඒ වගේ දේශද්‍රෝහී අමන වැඩ මම කරන්නෑ – ජනපති

colombotoday