Colombo Today Local News

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු ඉල්හාම් හා ඉන්සාෆ් ගේ පියා ඊබ්‍රාහීම් ජ.වි.පෙ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම ගැන අනුරගෙන් ප්‍රශ්න කරන්න යයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහීම් නැමැති කෝටිපති ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන්ද ඉදිරියේදී කරුණු විමසන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණු දෙදෙනා එම ප්‍රහාරය සාර්ථක කර ගැනීම සඳහා රුපියල් කෝටිතුනකට අධික මුදලක් වැය කර ඇතැයිද තොරතුරු හෙළි වී තිබෙන බවද ඒ මහතා සදහන් කරයි.

වීරසේකර මහතා මේ අදහස් පළ කළේ පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලන කාර්යාලයේ අද (18 )දින විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී ය.

Related posts

ජනපතිගෙන් අලි පැටවුන්ට සහතිකයක් !

colombotoday

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මිලියන 880ට මොකද කරේ – මෛත්‍රීගෙන් කබීර්ට ලිපියක්

colombotoday

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday