Colombo Today Local News

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු නිව් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව සහ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ශ්‍රේෂඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස 54 දෙනෙකු නම් කර ඇති අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මන්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඊට ඇතුළත් ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ එහි සභාපතිවරයා ප්‍රමුඛ සමාජිකයින්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිධාරීන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙත්සමේ සෙසු වග උත්තරකරුවන් ය.

නිව් ෆෝට්‍රෙස් අමෙරිකානු සමාගම ද වගඋත්තරකරුවෙකු ලෙස නම් කෙරිණ.

පසුගිය සැප්තැම්බ්ර් 6 වැනිදා අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය බල රහිත කර, පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු එම ගිවිසුම අනුව කටයුතු කිරීම අත්හිටුවන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ඇමරිකානු සමාගමට යුගදනවි බලාගාරය සතු රජයට අයත් 40% ක කොටස් ලබා දීමට පසුගිය සැප්තැම්බර් 06 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සිය පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එලෙස රජය සතු කොටස් විදේශීය සමාගමකට පැවරීමෙන් අප රටේ විදුලිබල ක්ශේත්‍රය අහිතකර ප්‍රතිවිපාක රැසකට ඇද දමන අදූරදර්ශි ක්‍රියා කලාපයක් බවත් එය රටේ ඒකීයභාවයට හානිකරදායි බවත් පෙත්සම්කරුවන් අධිකරණයට පෙන්වාදී තිබේ.

Related posts

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5ගෙන් වන්දි අයකර ගැනීමට නියෝග

Admin

පුංචි ඡන්දයත් හයිබ්‍රිඩ් ක්‍රමයට

colombotoday