Colombo Today Local News

පැන්ඩෝරා වාර්තාවට අදාළ තිරුකුමාර්ගේ වත්කම් ගැන විමර්ශනය ඇරඹෙයි

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා ලබා දුන් සාක්ෂි මත පදනම්ව මෙරට ඇති වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසිනි.

විදෙස් වත්කම් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියේ සහය ලබා ගනිමින් විමර්ශනට පියවර ගන්නා බව එම කොමිෂන් සභාව පවසයි.

විමර්ශනවලට අදාළව තිරුකුමාර් නඩේසන් මහතා මේ වනවිට අවස්ථා 02 කදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන්නේ 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ය.

Related posts

ජාති භේදයෙන් තොරව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු සුදානම්

colombotoday

දෙමළ ජාතිවාදී අභාලාෂ සහ නව ව්‍යවස්ථාව

colombotoday

ලංකාව සහ මාලදිවයින අතර රේගු ගිවිසුමකට එළඹීමට තීරණයක්

Admin

ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න බස්රථ 500ක්

Admin

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday