Colombo Today Local News

ජනමාධ්‍ය හා සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා – කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක්

රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක තිබියදී නිරෝධායන නීති තවදුරටත් ලිහිල් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව කිසියම් අයෙකුගේ බලපෑමකට අනුව ගත් තීරණයක්දැයි බරපතල සැකයක් ඇති බවයි.

නිරෝධායන නීති ලිහිල් කිරීම සහ උත්සව සමයේ මහජනතාවගේ වගකීම් විරහිත හැසිරීම් රටාව හේතුවෙන් ඉතා නුදුරේදීම මෙරට තුළ තවදුරටත් කොවිඩ් වසංගතය දරුණු තත්වයකට පත්වනු ඇති බවටද ඒ මහතා සදහන් කළේය.

“මේ තත්ත්වය යටතේ මහජනතාව උත්සව සමය සමරලා අවසන් වු වහාම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් ගනී. මේ වෙද්දිත් ජනමාධ්‍ය හා නිල වශයෙන් වාර්තා කරන සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා.”

Related posts

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

නව ආණ්ඩුකාරවරුන් තිදෙනා දිවුරුම් දෙයි

Admin

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය රුසියාව නවතා දමයි !

colombotoday

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

Admin

උගන්ඩාවට රිලවුන් යවා සඟවා අති ධනය ගේන්න

Admin