Colombo Today Local News

ගාලු වරායේ ව්‍යාපෘතියක් නවතී… කෝටි 42ක් වතුරේ

ගාලු වරායේ බහුකාර්ය පර්යන්තයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමෙන් එහි උපදේශක ගාස්තු වශයෙන් වැය කරන ලද රුපියල් කෝටි හතළිස් දෙකකට ආසන්න මුදලක් අපතේ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙයි.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය සහ අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව අතර ඇති කර ගන්නා ලද ණය ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟව තිබුණ ද ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලු කොටුව ආශ්‍රිතව මෙම ඉදිකිරීම් සිදු කිරීම සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමැතිය ලබාගත යුතු ලබා ගත යුතුව තිබුණි. ඒ සඳහා වසර තුනකට අධික කාලයක් ගතවීම හේතුවෙන් ණය ප්‍රදානකරු විසින් ණය කාලසීමාව දීර්ඝ නොකිරීම නිසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නතර කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.

Related posts

මුහුදේ මාළු අල්ලමින් සිටියදී තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

රටේ ව්‍යවස්ථාටවත් යටත් නැති සිංගප්පූරු පුරවැසි දූෂණ චූදිත මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට එපා !

colombotoday

සෞඛ්‍ය තත්වය නරක අතට.. විමල් රෝහල්ගත කරයි

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

ආහාර විස වීමකින් 325ක් රෝහලේ

colombotoday

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ දෙයි

colombotoday