Colombo Today Local News

නව ජනමාධ්‍ය ඇමති වැඩ භාර ගනී

නව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(16)දින පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තේය.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ වැඩ භාර ගැනීම නිමිත්තෙන් කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ බවය.

අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර මහතා ප්‍රමුඛ මුල් පෙළේ නිලධාරීන් සමග කෙටි අදහස් හුවමාරුවක නිරත වී තිබේ.

එහිදී අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශයට අයත් වත්මන් ආයතනවල තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ විමසා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මීට පෙර ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල අමාත්‍ය ධුරය හෙබවූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද(16) දින ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිණි.

Related posts

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

රටට අහිතකරන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ.. ඩලස් අලහප්පෙරුම කියයි

colombotoday

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

ගිනිඅවි 8ක් සමග සැකකරුවන් හත්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

colombotoday

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday