Colombo Today Local News

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහා වන බදු ඉහළට

ආනයනික මාළු,කරවල හා උම්බලකඩ සඳහාවන බදු ඉහළ නංවා තිබේ.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ පියවර ගත් බවයි.

පසුගිය 27 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ නංවා ඇති මෙම බදු ප්‍රතිශතයන් අනුව ආනයනික මාළු කිලෝ ග්‍රෑමයක් මත අය කරන බද්ද රුපියල් 200 කි.

ආනයනික කරවල කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 127 ක් හා උම්බලකඩ කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 302 ක බද්දක් පනවා ඇති බව ඇය සඳහන් කළාය.

ලේකම්වරිය ප්‍රකාශ කළේ, මේ දිනවල මෙරට ඉහළ මාළු අස්වැන්නක් ලැබෙන බවයි.

ඒ අනුව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය ද ඉහළ යමින් ඇති බව ඉන්දු රත්නායක මහත්මිය ප්‍රකාශ කළාය.

Related posts

කැපූ අත්ත ධාවනය වූ යතුරු පැදියට වැටී ගුරුවරයා මරුට

colombotoday

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

කීර්ති නාමයට හානි කරලා… මිලියන දාහක් වන්දි ඉල්ලා අනුර කුමාර උසාවි යයි

colombotoday

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

colombotoday

සීනි බද්ද අඩු කිරීමෙන් රජයට පාඩුවක් වී නැහැ – මුදල් අමාතයංශ ලේකම්

colombotoday

දුම්රිය රියදුරන්ගේ වර්ජනය තාවකාලිකව අත්හරී…

colombotoday