Covid 19

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක්

ඇඳිරි නීති බල­පත්‍ර නිකුත් කිරීම සම්බ­න්ධ­යෙන් පොලිස් මූල­ස්ථා­නය මගින් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සංස්ථා, ව්‍යව­ස්ථා­පිත මණ්ඩල, ජන මාධ්‍ය සහ අනෙ­කුත් ආය­තන 84ක සේව­ක­යන් සඳහා ඔවුන්ගේ රාජ­කාරි හැඳු­නු­ම්පත ඇඳිරි නීති බල­ප­ත්‍රය ලෙස භාවිතා කිරී­මට අව­ස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පව­සයි.

මෙම චක්‍ර ලේඛ­නය නිකුත් කරනු ලැබුවේ යම් හෙය­කින් ඇඳිරි නීතිය දීර්ඝ කරනු ලැබු­ව ­හොත් එසේ තිබි­ය­දීම රාජ්‍ය සංස්ථා, ව්‍යව­ස්ථා­පිත මණ්ඩල, ජන මාධ්‍ය සහ අනෙ­කුත් ආය­තන පවත්වා ගැනීම මහ­ජන ජන ජීවි­ත­යට පවත්වා ගැනීම අත්‍ය­ව­ශය කාර­ණ­යක් නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා සඳ­හන් කළේය.

කෙසේ වෙතත් එම පිරිස් සිටින්නේ ආසා­දිත කලා­ප­යක නම් එම ආය­ත­නයේ ප්‍රධා­නීන් අදාළ සේව­ක­යන් ගෙන්වා නොගැ­නී­මට කට­යුතු කළ යුතු අතර ආය­ත­නයේ සිය­ලු සේව­ක­යන් එකම දින­ය­කදී ගෙන්ව­නවා වෙනු­වට යම් කිසි ආකා­ර­යක සැලැ­ස්මක් අනුව සති­ය­කට දින කිහි­ප­යක් සේව­ක­යන් ගෙන්වා ගැනීම සිදු කිරී­මට ක්‍රියා කළ යුතු යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා කියා සිටි­යේය.

කෙසේ වෙතත් රාජ­කාරි හැඳු­නු­ම්පත භාවිතා කළ හැකි වන්නේ රාජ­කා­රි­ය­කට පම­ණක්ම බවත් කිසිම අව­ස්ථා­වක පෞද්ග­ලික කරුණු සඳහා රාජ­කාරි හැඳු­නු­ම්පත භාවිතා නොක­රන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා ඉල්ලී­මක් කළේය.

Related posts

ඇමෙරිකාවේ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති ඇතුළු 4 කට කොරෝනා

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday

කොරෝනා යැයි සැක 212ක් රටපුරා රෝහල්වල… අලුත්ම වාර්තාව මෙන්න !

colombotoday

ඇල්ෆා ප්‍රභේදයෙන් ගැබිණි මව්වරු 12ක් මරුට | අලුත් කොවිඩ් සතුරෙකුත් සමාජයේ කැරකෙයි

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

colombotoday