Colombo Today Sports News

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

කූට ලේඛන සකස් කර අති­වි­ශාල මුද­ල­කට මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් ඔස්ට්‍රේ­ලි­යා­වට ගෙන්වන ශ්‍රී ලාංකික තැරැ­ව්ක­රු­වකු පිළි­බඳ එරට ජාතික පුව­ත්ප­තක් හෙළි­ද­රවු කළ පුව­තක් අනුව ඔස්ට්‍රේ­ලි­යාවේ දේශ සීමා පොලී­සිය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ. ඉදි­රි­යේදී එරට ෆෙඩ­රල් පොලී­සිය ද වෙනම පරී­ක්ෂ­ණ­යක් පැවැ­ත්වී­මට නිය­මිත බවත් වාර්තා වේ.

එසේ ගෙන්වනු ලබන ක්‍රීඩ­ක­ය­කු­ගෙන් ඔස්ට්‍රේ­ලි­යානු ඩොලර් දස­ද­හ­සක මුද­ලක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් ලක්ෂ 13ක පමණ) ලබා­ගෙන මේ ජාවා­රම සිදු කරන බවත්, ඒ සඳහා මෙර­ටින් ගෙන්වනු ලබන ක්‍රීඩ­ක­යන්ගේ දත්ත ව්‍යාජ ලෙස සකස් කර ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නයේ අනු­මැ­ති­යද ගැනී­මට එම තැරැ­ව්කරු ඉතා උප­ක්‍ර­ම­ශී­ලීව කට­යුතු කර ඇතැයි ද එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ. මෙල්බර්න් නුවර කේන්ද්‍ර කර­ගත් ‘හැරල්ඩ් සන්’ පුව­ත්පතේ ගවේ­ෂ­ණා­ත්මක මාධ්‍ය­වේ­දි­නි­යක වන මැන්ඩි ස්කියු­රස් මේ පුවත මඟින් අනා­ව­ර­ණය කරනු ලැබුවේ පසු­ගිය සිකු­රා­දාය.

දැනට මෙල්බර්න් නුවර පදිං­චිව සිටින ශ්‍රී ලාංකි­ක­යකු වන සැමී හෙවත් සමන් කන්දගේ නමින් හඳු­න්වන පුද්ග­ලයා කලෙක සිට මේ මිනිස් ජාවා­රම සිදු කරන බව හෙළි­ද­රවු වී ඇති අතර, ඒ සම්බ­න්ධව ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නයේ සහ වික්ටෝ­රියා ක්‍රිකට් ආය­ත­නයේ දැඩි අව­ධා­නය යොමු වී තිබේ.

වික්ටෝ­රියා වැනි ප්‍රාන්ත­වල ක්‍රීඩා සමා­ජ­ව­ලට ඇතු­ළත් කිරී­මට මේ ක්‍රීඩ­ක­යන්ගේ දත්ත ව්‍යාජ අන්ද­මින් සකස් කර ඇති බවත්, ඒ සඳහා එම තැරැ­ව්ක­රුට තවත් පුද්ග­ල­ය­කුගේ සහාය ලැබී ඇති බවත් හැරල්ඩ් සන් පුව­ත්පත අනා­ව­ර­ණය කළේය.

එසේ ගෙන්වනු ලබන බොහෝ ක්‍රීඩ­ක­යන් මෙරට පළමු පෙළ තර­ග­ව­ලට සහ­භාගි වූ බවට සහ ඔවුන්ගේ ක්‍රිකට් දස්කම් ඉහළ මට්ට­මක තිබෙන බවට ව්‍යාජ දත්ත සකස් කර ඒවා ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­න­යට ඉදි­රි­පත් කිරී­මෙන් වීසා බල­පත්‍ර ගැනී­මට අවශ්‍ය අව­ස­ර­පත් ගැනී­මට කට­යුතු කර ඇතැයි ද හෙළි වී තිබේ. මේ මිනිස් ජාවා­රම හඹා ගිය පෙර කී මාධ්‍ය­වේ­දි­නිය එසේ ගෙන්වනු ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩ­ක­ය­න්ගෙන් ද තොර­තුරු ගෙන තිබේ.

නම හෙළි නොකළ එක්තරා ශ්‍රී ලාංකික තරුණ ක්‍රීඩ­ක­යකු පවසා ඇති අන්ද­මට ඔහු මෙරට ක්‍රීඩා කර ඇත්තේ එක් පළමු පෙළ තර­ග­ය­කට පමණි. නමුත් සමන් කන්දගේ නමින් හදු­න්වන තැරැ­ව්ක­රුවා ඔහුගේ ලිපි ලේඛන වෙනස් කර ඔහු මෙරට පළමු පෙළ තරග බිමේ විශිෂ්ට දස්කම් පෑ ක්‍රීඩ­ක­යකු බව තහ­වුරු කර­මින් වීසා බල­පත් ගැනී­මට කට­යුතු කර තිබේ.

පසු­ගිය වසරේ අග­භා­ග­යේදී එසේ ඔස්ට්‍රේ­ලි­යා­වට ගිය එම ක්‍රීඩ­කයා මෙල්බර්න් ගුව­න්තො­ටු­ප­ලේදී අදාළ තැරැ­ව්ක­රු­වාට ඔස්ට්‍රේ­ලි­යානු ඩොලර් දස­ද­හ­සක මුද­ලක් දී ඇති අතර, නිදන කාමර තුන­කින් සහ එක් නාන කාම­ර­ය­කින් සම­න්විත නිවෙ­සක ඔහුට නවා­තැන් සපයා ඇත. එම නවා­තැනේ ඔහු සමඟ තවත් පුද්ග­ල­යන් 16 දෙනකු පමණ පදිං­චිව සිටින අතර, එය සර­ණා­ගත කඳ­වු­ර­කට සමාන බව එම ක්‍රීඩ­කයා මාධ්‍ය­වේ­දි­නි­යට පවසා තිබේ.

23 හැවි­රිදි මේ ක්‍රීඩ­කයා දකුණු පළාත කේන්ද්‍ර කර­ගත් අයකු වන අතර, පසු­ගිය තර­ග­වා­ර­යට පම­ණක් එවැනි ක්‍රීඩ­ක­යන් 70ක් පමණ එසේ ඔස්ට්‍රේ­ලි­යා­වට ගෙන්වී­මට අදාළ තැරැ­ව්ක­රුවා කට­යුතු කර ඇතැයි ද පවසා තිබේ. මින් බොහෝ ක්‍රීඩ­ක­යන් ටින්ගෝ එඩි­යු­කේ­ෂන් ඔස්ට්‍රේ­ලියා නමැති ශිෂ්‍ය­යන්ට ඔස්ට්‍රේ­ලි­යාවේ අධ්‍යා­පන කට­යුතු සඳහා වීසා බල­පත් ගැනී­මට උප­කාරී වන ආය­ත­න­යක් හරහා ඔස්ට්‍රේ­ලි­යා­වට ගිය ක්‍රීඩ­ක­යන් බව ද හෙළි­ද­රවු වී තිබේ. එම ආය­ත­නයේ මූල­ස්ථා­නය කොළඹ නුගේ­ගොඩ කේන්ද්‍ර කර­ගත් එකක් වන අතර, මාතර, ගාල්ල සහ මහ­නු­වර තවත් ශාඛා පිහිටා ඇතැයි වාර්තා වේ.

එසේ ඔස්ට්‍රේ­ලි­යා­වට ගිය බොහෝ ක්‍රීඩ­ක­යන් මෙරට පළමු පෙළ තරග සඳහා සහ­භාගි වූ ක්‍රීඩ­ක­යන් නොවන බවත්, ඉන් ඇතැම් ක්‍රීඩ­ක­යන්ගේ හැකි­යාව ඉතා පහළ මට්ට­මක තිබූ බවත් පවසා ඇති එම ක්‍රීඩ­කයා තැරැ­ව්කරු ව්‍යාජ ලෙස දත්ත සකස් කර­මින් එම ක්‍රීඩ­ක­යන්ගේ දස්කම් ඉහළ මට්ට­මක ඇති බව ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­න­යට තහ­වුරු කර තිබේ.

ඇතැම් ක්‍රීඩ­ක­යන් ඔස්ට්‍රේ­ලි­යා­වට ගොස් ඇත්තේ ඉඩ­ක­ඩම් සහ රන් ආභ­රණ විකුණා ලැබූ මුද­ලින් බවත් හැරල්ඩ් සන් පුව­ත්පත අනා­ව­ර­ණය කර ගෙන තිබේ. එම ක්‍රීඩ­ක­යන් ඔස්ට්‍රේ­ලි­යා­වට යෑමෙන් මාස තුන­කට පසු අදාළ දත්ත අභි­ර­හස් ලෙස අතු­රු­දන් කරන බවත්, එය සිදු කරන්නේ කෙසේ­දැයි නොදන්නා බවත් පවසා තිබේ.

මේ කූට මිනිස් ජාවා­රම හේතු­වෙන් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය වහාම ක්‍රියා­ත්මක වන පරිදි වීසා ගැනී­මට නිකුත් කරන නිර්දේශ ලිපි දීමේ ක්‍රම­වේ­දය යළි සලකා බැලී­මට තීර­ණය කර ඇති අතර, වික්ටෝ­රියා පොලී­සිය මඟින් සිදු කිරී­මට නිය­මිත විම­ර්ශන කට­යුතු වලින් පසු ඉදිරි පිය­වර ගැනී­මට නිය­මි­තය.

වික්ටෝ­රියා ප්‍රාන්තයේ විවිධ ක්‍රීඩා සමාජ සඳහා යොමු කර ඇති එම ක්‍රීඩ­ක­යන්ගේ ගිවි­සුම් පවා ඔවුන් මෙතෙක් දැක නැති බවත්, පොරොන්දු වූ පරිදි ක්‍රීඩා සමා­ජ­ව­ලින් ගෙවීම් නොලැ­බීම මත එම ක්‍රීඩ­ක­යන් දැඩි අස­රණ තත්ත්ව­යට ඇද වැටී ඇති බවත් හැරල්ඩ් සන් පුව­ත්පත අනා­ව­ර­ණය කළේය.

සමන් කන්දගේ නමින් හඳු­න්වන මේ තැරැ­ව්ක­රුට සහාය ­දෙන බවට චෝදනා එල්ල වී ඇති ටින්ගෝ එඩි­යු­කේ­ෂන් ඔස්ට්‍රේ­ලියා ආය­ත­නයේ හිමි­කරු සහ මෙහෙ­යුම් අධ්‍යක්ෂ ලෙස කට­යුතු කරන‍ කසුන් ගම්ලත් නමින් හඳු­න්වන පුද්ග­ලයා මේ වන විට ඔස්ට්‍රේ­ලි­යාවේ ග්‍රීන්වේල් නග­රයේ පදිංචි සිටි­මින් තම ව්‍යාපා­රය මෙහෙ­ය­ව­මින් සිටී. ඔහු එරට සංක්‍ර­ම­ණි­ක­යන් සම්බ­න්ධව කට­යුතු කරන ලියා­ප­දිංචි නියෝ­ජි­ත­යකු ද වේ. කෙසේ වුවත් එම ආය­ත­නය අදාළ තැරු­ව්ක­රුගේ වංච­නික ක්‍රියා සඳහා සහ­යෝ­ගය දෙන බවට යෝජනා නොක­රන බව කියා සිටින හැරල්ඩ් සන් පුව­ත්පත ශිෂ්‍ය වීසා හරහා ක්‍රීඩ­ක­යන් ඔස්ට්‍රේ­ලි­යා­වට ගෙන්වා ගැනී­මට එම තැරු­ව්ක­රුවා අදාළ ආය­ත­නය සූක්ෂ්ම අයු­රින් උප­යෝගි කර ගන්නට ඇතැයි ද අනු­මාන කෙරේ.

Related posts

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙවරත් අවලංගුවන ලකුණු.

colombotoday

මාලිංග කෝටි 08කට විකිණේ

colombotoday

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට පදක්කම් 2ක්

Admin

ගුවන් ටිකට්පත් වෙන් කර දෙන්න බැරි වුණු බලධාරීන් නිසා ආසියානු පාපන්දු තරඟාවලිය ලංකාවට අහිමි වෙයි

colombotoday

ධර්මසේන IPL යන්න බැහැ කියයි

colombotoday