Colombo Today Local News

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම්

2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය සැරසෙයි.

ඒ අනුව, හෙක්ටයාර් 500,000කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට පියවරගන්නා බව අද (01)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසිනි.

කැබිනට් නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් එම පොහොර අවශ්‍යතාවයන් රජයට අයත් පොහොර සමාගම් හරහා ආනයනය කෙරෙන බවය.

අනතුරුව එම කාබනික පොහොර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා ගොවීන් වෙත බෙදාහැරීමට නියමිතය.

රට තුළ කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක භාවිතය සහ ආනයනය තහනම් කිරීමට රජය විසින් මේ වනවිට පියවර ගෙන තිබේ.

මේ වනවිට මෙරට නිෂ්පාදන ධාරිතාව සැලකිල්ලට ගැනීමේදී 2021/22 මහ කන්නය සඳහා හෙක්ටයාර් 224,000කට අවශ්‍ය කාබනික පොහොර දේශීයව සපයා ගැනීමටත් තවත් හෙක්ටයාර් 100,000කට අවශ්‍ය කාබනික පොහොර හඳුනාගත් ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබාදී සපයා ගැනීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව සඳහන් වේ.

එබැවින් කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්‍ර ශාක පෝෂක ප්‍රසම්පාදනය කිරීමට අදාළ ව විශේෂිත ප්‍රසම්පාදන කමිටුවක් සහ එම කමිටුවට සහාය වීමට අදාළ විෂය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කිරීමට ද තීරණය කර තිබේ.

Related posts

කථානායකගේ හැසිරීම වෙනස් වන තෙක් පාර්ලිමේන්තුවට යන්නේ නෑ – විමල් වීරවංශ

colombotoday

වවාගෙන කන්න පුලුවන් රටේ හාල්, පොල් රටින් ගෙන්වනවා.. මේ ආණ්ඩුව රටේ මොන ප්‍රශ්නෙද විසදුවේ?

colombotoday

නාමල් කුමාරගේට එරෙහිව නියෝජ්‍ය ඇමතිගෙන් පැමිණිල්ලක්.. අත්අඩංගුවට ගන්න ඉල්ලයි..

colombotoday

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

පාස්කු ප්‍රහාරයට සැක 25කට එරෙහිව අධිචෝදනා

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත දැනටමත් අහෝසියි“ – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday