Colombo Today Local News

නාමල් කුමාරගේට එරෙහිව නියෝජ්‍ය ඇමතිගෙන් පැමිණිල්ලක්.. අත්අඩංගුවට ගන්න ඉල්ලයි..

ජනපති සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නාමල් කුමාර නැමැත්තා, ප්‍රංශයේ සිට මෙරට ගැටුම් ඇති කිරීමේ නිරත වූ බව කියන තුෂාර පීරිස් නමැති පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා අනාවරණයක් සිදුකළ අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් අද (01) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබිය.

ප්‍රංශයේ සිටින ඩයස්පෝරාවට සම්බන්ධ තුෂාර පීරිස් සමඟ මඩකලපුව ප්‍රදේශයේ ප්‍රහාරයක් දියත් කිරීම සඳහා පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් ඉදිරිපත් කිරීමට නාමල් කුමාර පසුගිය 28 වනදා කටයුතු කළේය.

එමෙන්ම, මුස්ලිම් දේශපාලනඥයෙකු සහභාගි වන රැස්වීමකට පහරදීමේ සැලැස්මක් සම්බන්ධයෙන් වූ දුරකථන සංවාදයක් ද එදින ඔහු මාධ්‍යයට ලබා දුන්නේය.

මීට පෙර නාමල් කුමාරට එරෙහිව සිංහලේ ජාතික සංවිධානය නමැති සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

Related posts

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

කිව්වොත් ඔළුව අවුල් වෙයි… ඉන්ධන මිල සූත‍්‍රය මටවත් තේරෙන්නේ නෑ…

colombotoday

හෙළිකොප්ටරෙන් යන්න ඇවිත් ගමේ කෙල්ලන්ගේ කොලොප්පමට ලක්වූ සජිත්ගේ නංගී !

colombotoday

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

බයිබලයට අනුව, නව අගවිනිසුරු නලින් පෙරේරා තමාගේ පළමු කතාව කරයි.

colombotoday

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

colombotoday