Colombo Today Local News

‘තනතුරු ලැබෙනවානම් කා එක්ක වුණත් එකතු වෙනවා’ – මහින්ද අමරවීර

”ශ්‍රිලනිපයට ප්‍රධාන තනතුරු ලැබෙනවා නම් කා එක්ක වුණත් අපි එකතු වෙනවා” යයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

25දා අඟුණුකොළපැලැස්සේ පිහිටි ඔහුගේ නිවෙසේදී පැවති රැස්වීමකදී එබව සඳහන් කළ ඇමතිවරයා මෙසේද පැවසිය.

”අපි කිසිදු පක්ෂයක් එක්ක කටයුතු කරනවා කියලා තාම සාකච්ඡා කරල නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ මොන පක්ෂය වුණත් කමක් නැහැ අපිට බලය ලැබෙනවා නම් අපේ අයට ප්‍රධාන තනතුරු ලැබෙනවා නම් අපි ඒ අයත් එක්ක එකතු වෙනවා.

කොට්ඨාසයට මන්ත්‍රිවරයෙක් ඉන්නවා. නමුත් ප්‍රායෝගික ගැටලු ටිකක් මතු වෙලා තියෙනවා. ඒක නිවැරැදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

බහුතර බලයක් එක් පක්ෂයකට ලබා ගැනීම අපහසු වීම නිසා පළාත් පාලන ආයතන පිහිටුවීම ප්‍රමාද වෙලා එයයි අපි ඉදිරියේදී වෙනස් කරන්නේ.”

Related posts

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday

ඇමරිකාවටත් ‘සංහිදියාව‘ අරහං වෙයි.. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේත් මේ පාර ‘ඉෆ්තාර්‘ නෑ !

colombotoday

හැදුනුම්පත් කාර්යාලයත් හෙට වර්ජනයේ

colombotoday

පෙම්වතියට පොටෝ යවා සරසවි සිසුවා විදුලි පංකාවේ එල්ලිලා

Admin

ජවිපෙ දැන් බෙදුම්වාදීන්ගේ හොර අඹුව වෙලා.. මැක්කා විසින් බලු වලිගය වනවන තැනට ඇවිත්

colombotoday