Colombo Today Local News

යහපාලන අඹුඩය ගලවා, ගම්මන්පිල වැට් බදු පලාඵල කියයි

gammanpila

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පොලිස්පති පත් කිරීම නීත්‍යානුකූල ද?

නව වසර සුබ වේවා කියු පමණින්ම සුබ වෙන් නෑ. ඒක තීරණය වෙන්නේ පාලකයින් කෙතරම් දුරට ජනමතයට හා නීතියට ගරු කරනවාද කියන එක උඩයි. ඒ අනුව නම් නව වසරේ අපිට ලැබුනේ ඉතාමත්ම අසුභ පුවතක්. ව්‍යවස්ථාදායක සභාව රැස්වෙලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මැතිතුමන්ගේ නම නිර්දේශ කරලා තියෙනවා. ඒ නම තෝරාගැනීම එක පැත්තකින් නීති විරෝදධියි. අනික් පැත්තෙන් සදාචාර විරෝධීයි.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ 1) වගන්තිය අනුව ජනපති විසින් නමක් නිර්දේශ කලාම ව්‍යවස්ථාදායක සභාව මගින් කරනු ලබන්නේ එය අනුමත කිරීම හෝ ප්‍රතික්ශේප කිරීම. ඔබට මතක ඇති මීට මාස දෙකකට පමණ පෙර නීතිපති තනතුර සඳහා නම් තුනක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කලා. එවිට ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිතුමන්ට දැනුම්දුන්නා ජනපති තුමනි ව්‍යවස්ථාවට අනුව ඔබ කල යුත්තේ නමක් නිර්දේශ කිරීමයි. අපට නම් කීපයක් අතරින් තේරීමක් කල නොහැක. අපිට ඇත්තේ ඔබ විසින් යෝජනා කරන ලද නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. එම නිසා එක නමක් අපට යෝජනා කරන්න කියලා. ඒ නිසා ජනාධිපති තුමන් එම නම් තුනෙන් ජයන්ත ජයසූරිය මහතාගේ නම නිර්දේශ කලාම ව්‍යවස්ථාධායක සභාව එය අනුමත කලා.

නමුත් මාස දෙකක් යන විට ඔවුන්ට සිය ස්ථාවරය අමතක වෙලා පොලිස්පති ධූරය සදහා ජනාධිපතිතුමන් විසින් නම් තුනක් යෝජනා කලහම ව්‍යවස්ථාධායක සභාව ඉන් එකක් තෝරාගැනීම සිදුකරනවා. අපිට ආරංචි විදිහටනම් ජනපති හා අගමැති අතර මේ සම්බන්ධයෙන් නම් දෙකක් තිබිලා තියෙනවා. නැවතත් මේ නම් තුනෙන් එකක් තෝරා එවීම ජනාධිපතිතුමන්ටම සිදුකරන්නනට කිව්වොත් අපිට ඕන කෙනා ලැබෙන එකක් නෑ කියන බය ව්‍යවස්ථාධායක සභාවට ඇතිවුනා වෙන්න පුළුවන්.

ඒ වගේම අපේ ව්‍යවස්ථාධායක සභාවට නීතිපති පොලිස්පති වගේ වැදගත් තනතුරු තෝරද්දි මාත් එක්ක උදේට ගුඩ්මෝනිං සර් කියනවද? මම නියෝගයක් දුන්නම ඒක පිළිපදිනවද වගේ දේවල් මත පදනම්ව මේ තනතුරුවලට පුද්ගලයන් තෝරන්න බෑ. යම් නිවැරදි ප්‍රතිපත්තියක ක්‍රම වේදයක සිට මේ දේවල් කරාවි යන නිගමනයේ සිට තමයි ව්‍යවස්ථාධායක සභාවට මේ බලය ලබාදුන්නේ. නමුත් අද ව්‍යවස්ථාදායක සභාව මේ වනවිට ජනතා පැතුම් පමණක් නොව පාර්ලිමේන්තුවේ පැතුමන් බොද කරල තියෙනවා.

නීතිපතිතුමන්ව පත්කරද්දිත් අප ප්‍රශ්න කලා ජේෂ්ඨතම නිලධාරියා ඒම තනතුරට පත්කිරීම තමයි ඓතිහාසික සම්ප්‍රධාය. ඒ අනුව පත්විය යුතු සුහද ගම්ලත් මහතා පත්නොකර ඒ වෙනුවට ජයන්ත ජයසූරිය මහතා පත්කරනවනම් ජේෂ්ඨයට ලබා නොදීමට ඔහුගේ තිබූ නුසුදුසු බව කුමක්දැයි රටට හෙළි කල යුතුයි කියලා. එදා ඒ වරද අද පොලිස්පති පත් කරද්දීත් සිදු කරනවා. එස් එම් වික්‍රමසිංහ මැතිතුමන් තමයි ජේෂ්ඨතම පුද්ගලයා වන්නේ. ඔහුව නොසලකා පූජිත ජයසුන්දර මහතා පත්කිරීමට බලපෑ කාරණා කවරේද කියා මේ රටේ ජනතාවට හා පාර්ලිමේන්තුවට ශුද්ධ වූ අයිතියක් තියෙනවා. වරද පෙන්වා දෙද්දීත් එකම වරදම දෙවරක් සුදු කිරීමේන් ඔවුන් පෙන්වා දෙන්න හදන්නේ අපි නීතිය සලකන්නෑ, අපි ජනමතය සලකන්නෑ, අපිට ඕන දේ අපි කරන බවයි.

මේ පත්කිරීම්වල නිර්නායක රීති විදිහට හදලා ව්‍යවස්ථාදායක සභාව ගැසට් කරල නෑ. ඒවා ගැසට් කරල මාස තුනක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්න ඕනි. ඒක කරලත් නෑ. ඒ නිසා නීතිපති හා පොලිස්පති පත්කිරීමේදී මේ ආණ්ඩුව තමන්ම සකස්කල 19වන ව්‍යවස්ථා සංශෝධණයත් ඒ සදහා ජනවරම ලබාදුන් 62ලක්ෂයක ජනතාවත් හාස්‍යයටය ලක්කරල තියෙනවා.

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් – අමුඩයද ගලවාගත් යහපාලන ආණ්ඩුවෙන් උදය ප‍්‍රශ්න කරයි

ඒ වගේම මේ පොලිස්පතිතුමන් පත්කිරීම සදාචාර විරෝධීයි. අප්‍රේල් මාසෙ 4 වෙනිද මමම පැහැදිලි කලා ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපති නියෝජිත වෙන පාච රණවක ඇමතිතුමන් පොලිස් විමර්ශන 4 ක සැකකරුවෙක්. ඒ නිසා ඔහු ව්‍යවස්ථාදායක සභාවේ වාඩිවී අනාගත පොලිස්පති, හොරාගේ අම්මගෙන් නෙවෙයි හොරාගෙන්ම පේන ඇසීම වාගෙයි. ඒ නිසා අප කිව්වා ව්‍යවස්ථාදායක සභාවට ජනපති නියෝජිත ලෙස වෙනත් අයෙකු නම් කරන්න කියලා. ඒකාබද්ධ විපක්ෂය වටා නම්‍යශීලීව කිව්වා චම්පික රණවක ඇමතිතුමන් ව්‍යවස්ථාධායක සභාවේ පොලිස්පති තේරීම සදහා සහභාගි කර නොගන්නා ලෙස.

මම මීට කලිනුත් පෙන්වා දුන්නා චම්පික රණවක ඇමතිතුමන් සැක කරුවෙකු වන සන්දීප් ගුණවර්ධන රිය අනතුර පිළිබදව විමර්ශනය කරන්නේ පුජිත ජයසුන්දර මහතා. අනිත් පැත්තෙන් පූජිත ජයසුන්දර මහතාගේ ජීවිතයේ සිහිනයක් බවට පත්වී තිබුණු පොලිස්පති ධූරය ලැබේද නැද්ද තීරණය කිරීමට සහභාගිවන්නේ තමන්ගේ විමර්ශනයේ සැකකරුවා වන චම්පික රණවක ඇමතිතුමන්. එදා මම කිව්ව චම්පිකගේ අනාගතය පූජිතගේ අතේ. පූජිතගේ අනාගතය චම්පික අතේ කියල. ඔන්න චම්පික රණවක අමාත්‍යවරයා විසින් පුජිත ජයසුන්දරමහතාට යහපතක් වන ආකාරයට ඔහුගේ අනාගතය විසදා තියෙනවා. දැන් තියෙන්නේ පූජිත ජයසුන්දර මහතාට කළගුණ සැලකීමේ අවස්ථාව. දැන් ඉතින් චම්පික රණවක ඇමතිතුමන්ට එරෙහි විමර්ෂණ වලට අබ සරණයි කියල තමයි අපිට කියන්න තියෙන්නේ.

පොලිස් විමර්ෂණ වල සැකකරුවන් නම් මේ රටේ නීතිපති තේරුවේ පොලිස්පති තේරුවේ ඉදිරියේ පත්වන විනිශ්චයකාරවරු තෝරන්නේ මේරටේ නීතිය ක්‍රියාත්මක විම ගැන තැබිය හැකි විශ්වාසය කුමක්ද? එදා සුනිල් ආරියරත්න මැතිතුමන්ගේ රචනයෙන් නන්දා මාලනිය ගැයු පවන ගීත සමුච්චයේ එක් ගීයක් අදට අප ගලපා ගත්තොත් අපිට කියන්න වෙන්නේ සැකකරුවන් නීතියේ ලොකු පුටුව තීරණය කරයිනම් කුමට එරට අධිකරනය නීතිය සහ විනිසුරන් කියලා තමයි.

ඒ වගේම පසුගිය මාස 16යේ යහපාලන ආණ්ඩුවේ රෙදි එකිනෙක ගැලවී ගොස් අමුඩය විතරයි ඉතිරි වුනේ. ඒ නිසා අපි එතුමන්ට කිව්වා අමුඩය බේරාගන්න කැමතිනම් පාච රණවක ඇමතිතුමන්ව ව්‍යවස්ථාධායක සභාවේ වාඩිවෙන එක නතර කරන්න කියල. නමුත් ජනපතිතුමන්ට අමුඩය බේරාගැනීමේ උවමනාවක් නෑ.

බුදුරජාණන් වහන්සේත් දේශනාකරල තියෙනව ලැජ්ජා බය නැතිනම් හිරි ඔතප් නොමැති කෙනාට කළ නොහැකි අපරාධයක් නැත කියල. ව්‍යවස්ථාධායක සබාවේ රණවක ඇමතිතුමන් වාඩිවී තමන් ගැන විමර්ෂණය කරණ පූජිත ජයසුන්දර මැතිතුමන් පොලිස්පති දූරයට පත්කර ගැනීමෙන් යහපාලන ආණ්ඩුවේ ඉතිරිවී තිබු අමුඩයද ගැලවුනා. දැන් ඉතින් යහපාලන ආණ්ඩුවත් නිරුවතින් නොදැන සිටින්නේ නමුත් ඔබතුමනුත් නිරුවතින් කියල අපිට ජනපතිතුමන්ට කියන්න සිද්ධවෙනවා.

නව වසරට වැට් බදු පලාපල

ඊයේ ජනපතිතුමන් පොළොන්නරුවේ දී ජනතාව අමතලා කියනවා එතුමා සුපුරුදු පරිදි තමුන්නාසේලා විශාල සේවයක් එතුමාට කරනවා ඒ තමයි එතුමන්ලගේ ලේකම්වරුන් විදිහට කටයුතු කිරීම. ලේකම්වරුන් කරන්න තියෙන රාජකාරියක් ඔබතුමන්ලා කරනවා එතුමට රටේ වෙන්නේ මොකක්ද කියලා දැනුම් දීමෙන්. ආණ්ඩුවේ වෙන දේවල් දැන ජනාධිපතිතුමා දැන ගන්නේ පත්තරෙන්. එතුමා මාධ්‍යයෙන් දැක්කලු ජනතාව අසහනයට පත්වෙන ආකාරයෙන් බදු වැඩි කරන්න යනවා එහෙම අසහනයට පත්වෙන ආකාරයෙන් බදු වැඩි කරන කිසිම ආර්ථික විශේෂඥයින් ගෙදර යවනවා කියලා.

අපි දන්නවා මැයි 2වැනිදා ඉදන් වැට් බද්ද 15% දක්වා වැඩි කරන්නත් ඒ වගේම මෙතෙක් වැට් බද්දට ආවරණය නොවුණු සෞඛ්‍ය,පෞද්ගලික අධ්‍යාපනය, සන්නිවේදනය යන ක්ෂේත්‍ර වලට මෙය පුළුල් කරනනත් ඇමති මණ්ඩලය තීරණය කරලා තියෙනවා. කෙසෙවෙතත් ඉන්න අර්ථික විශේෂඥයින් ගත්ත තීරණයක් නෙවෙයි. එහි ප්‍රතිඵලයක් විදිහට අපි දන්නවා පෞද්ගලික අංශයේ අපේ රටේ සැම පුරවැසියෙක්ටම ආණ්ඩුවේ රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය තියෙනවා. ලෝකයේ නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය යන දෙකම තියෙන රටවල් තියෙන්නේ 10යි ඒ අතරට ශ්‍රි ලංකාවත් අයත්ය. ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය අන් රට වලට වඩා පුළුල්. අනිත් නිදහස් සෞඛ්‍ය සේවය තිබෙන රටකට ඒ අයිතිය තියෙන්නේ ඒ රටේ පුරවැසියන් සදහා පමණයි. විදේශිකයන් මුදල් ගෙවා තමයි බෙහෙත් ගන්න වෙන්නේ. නමුත් ලංකාවේ ගුවන්තොටුපලට ඇතුල්වෙද්දිම ඇද ගෙන වැටුනනම් අපි Ambulance එකෙන් අරන් ගිහිල්ලා Ambulance එකට සතයක්වත් ගන්නේ නැතුව නොමිලේ වෛද්‍ය උපදෙස්, නොමිලේ බෙහෙත් ටික, නොමිලේ කැම බිම ටික දීලා රෝගියාව සුවපත් කරලා තමයි යවන්නේ විදේශිකයකු වුවත්. ඒ අපේ තියෙන මානුෂිය ගුණයක්. අපි දුප්පත් ඔයාලා පොහොසත් ඒ නිසා මුදල් ගෙවන්න කියලා කියන්නේ නෑ.

සමස්ත ජනතාවගේ සෞඛ්‍ය බර ආණ්ඩුවට නොයෙන්න අද පෞද්ගලික අංශයේ සමාගම් තමන්ගේ සේවකයින්ට වාර්ෂිකව මුදලක් වෙන් කරලා තියෙනවා. රක්ෂණ ආවරණයක් යටතේ වසරකට මෙපමණ මුදල් අපි ලබා දෙනවා සෞඛ්‍ය සේවය පෞද්ගලිකව ලබා ගන්න. ඒ අනුව රටේ සමස්ථය ජනතාවට රජයෙන් සෞඛ්‍ය සේවය ලබා ගන්න යන්නේ නෑ. එහි වාසියක් විදිහට ආණ්ඩුවේ සෞඛ්‍ය මත කියෙන බර අඩු වෙලා තියෙනවා. දුප්පත් නැති බැරි ජනතාවට පමණක් මෙම සේවය සැපයිමට රජයට හැකි වෙලා තියෙනවා. නමුත් මේ සෞඛ්‍ය සේවය වැට් බද්ද 15% ගෙවීමෙන් අපේ වැඩිහිටි අම්මලා තාත්තලා 40% පමණ දියවැඩියා රෝගයෙන් පෙලෙනවා මේ අය මාසිකව රුධිර පරික්ෂාව කරනවා එකට යන වියදම 15% කින් වැඩි වෙලා තියෙනවා. මේ හේතුවෙන් අදායමක් නැති තමන්ගේ දරුවන්ගෙන් මුදල් ඉල්ල ගෙන පරික්ෂණ ටික කර ගන්න වැඩිහිටි අය අසරණබාවයෙන් තවත් අසරණ වෙලා තියෙනවා. දැනටමත් තමන්ගේ වියදම දරා ගන්න නම් කියා සිතු අයට ඒ වියදම දරා ගන්න බැරුව රජයේ රෝහල් වෙත යන්න වෙනවා. අපේ රටේ සෞඛ්‍ය සේවයට පෞද්ගලික රොහල් වලට යන පිරිසට විතරක් නෙවෙයි තමන් ළගට එන සුළු පිරිසටවත් සේවය ලබා දෙන්නේ ඉතා අපහසුවෙන් රෝහල් වල බොහෝ වේලාවට වෛද්‍යවරු නෑ, අවශ්‍ය බෙහෙත් හෙත් ටික නෑ. මාස ගාණක් ඉන්න වෙනවා සැත්කම කර ගන්න. එසේ දිගු කල් සිටිම තුලින් රෝගියාගේ මරණය පවා සිද්ධ වෙනවා.මේ වගේ සෞඛ්‍ය සේවයක් නම් ආණ්ඩුවෙන් සපයන්නේ සෞඛ්‍ය ඇමතිතුමා අසනීප වු විට විදේශ ගත වීමෙන්ම පෙනී යන්නේ අපේ රටේ හොද සෞඛ්‍ය සේවයක් නැති බව සෞඛ්‍ය ගැන ‍හොදටම දන්නා කෙනත් පිළිගන්නා බව. එන පිරිස දරා ගන්න ආණ්ඩුවට හැකියාවක් නැත්නම් ආණ්ඩුව කළ යුත්තේ පිරිස වැඩි කර ගැනීම නෙවෙයි අඩු කර ගැනීම‍. පෞද්ගලික රෝහල් වෙත යන අයට ද එතෙන්ට යන්න බැරි කරලා ඒ පිරිසද රාජයේ රෝහල් වෙත තල්ලු කිරීමක් මේ වැට් බද්ධ වැඩි කිරීමෙන් සිද්ධ කරලා තියෙනවා.

ජංගම දුරකතන බදු වැඩි කිරීමේ වාසිය කාටද ?

තමුන්නාසේලා දන්නවා ජංගම දුරකථනය කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක්. මිට අවුරුදු 22කට කලින් මට මුල්න්ම ජංගම දුරකථනයක් හම්බවුණ කාලයේ එක තිබුණේ සුඛෝපභෝගී භාණ්ඩයක්. අර ගඩොල් භාගය අරන් ගිහිල්ලා මේසේ උඩ තිබ්බම ගෙදර ඇතා හිටිය වගේ තමයි. දුරකථනයට වැරදි ඇමතුමක් ආවත් රුපියල් 25ක් විතර කැපෙනවා. යන ඇමතුමට විනාඩියට රුපියල් 40යි. අද ජංගම දුරකථනය කියන්නේ හැමෝටම අත්‍යවශ්‍ය භාණ්ඩයක්. මේක මත 15% බද්ධක් පැනවීමෙන් සමාගම් වලින් බදු අයවෙන්නේ නෑ. මම ඉතා වගකීමෙන් කියනවා ජංගම දුරකථන මත පටවන බද්දෙන් ආණ්ඩුවට සත පහක ආදායමක් ලැබෙන්නේ නෑ. ජනතාවට 15% කින් තමන්ගේ දුරකථන බිල වැඩි වීම පමණමයි සිදු වෙන්නේ.

වැට් බද්දේ ස්භාවය තමයි වැට් බදු අය කර ගන්නා සමාගම තමන් ගෙවලා තියෙන වැට් බදු ටික අඩු කරගෙන සුද්ධ වු අගය තමයි ආණ්ඩුවට ගෙවන්නේ. මේ අය වෙන බදු වගේ ගෙඩිය පිටින් ආණ්ඩුවට දෙන්නේ නෑ. ඒ අයට අයිතියක් කියෙනවා තමන් ගෙවන වැට් බදු ටික අය කර ගන්න. කලින් එහෙම කරන්න ක්‍රමයක් තිබ්බේ නෑ. ඇයි වැට් බදු අය කරන්නේ නෑ නමුත් වැට් බදු ගෙවනවා. එක සමාගම දරා ගත්තා මිසක් කපා ගන්න ක්‍රමයක් තිබ්බේ නෑ. 15% ජනතාවගෙන් එකතු කර ගන්න අවස්ථාව දුන්නම සමාගමට 15% ලැබෙනවා. මේච්චර කල් ගෙවපු ගාණ කපා ගෙන ආණ්ඩුවට සතයක් වත් නොගෙවා හරි සොච්චමක් තමයි ආණ්ඩුවට හම්බවෙන්නේ. මෙයින් ආණ්ඩුවට සහනයක් නෑ. ජනතාවට බරක්

ශ‍්‍රීලනිපය බලූ කර බලූ වලිගය ගැන කතා කිරීම

මම කැමතියි මා මිත්‍ර ළගදී ඇමතිකමක් හම්බවුණු ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රකාශයකට පිළිතුරක් දෙන්න. එතුමා ඊයේ මාධ්‍ය හමුවක දී කියනවා ශ්‍රිලනිපයේ බල්ලා වැනීමට වලිගය උත්සහ කරනවා. බල්ලා වලිගය වනනවා මිස වලිගයට බල්ලා වනන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ගරු ඇමතිතුමනි ශ්‍රිලනිපය වල්ගෙ වනනවාද බල්ලා වලිගය වනනවා ද තීරණය කරන්න කලින් ශ්‍රිලනිපය බලු කරන්නේ කවුද කියලා කල්පනා කරලා බල්ලා මාර්ක් එකෙන් එළියට ආවෝත් හොද නැද්ද කියලා අපි එතුමාගෙන් ප්‍රශ්න කරනවා. සිංහයෙක් වගේ හිටිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ වලිගයක් බවට පත් කරලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බලු කරමින් සිටින්නේ ඔබතුමන්ලා ඔය එජාප දීගය අතහැරලා සිංහයන් සමග එක්වන්න එවිට ඔබට අභිමානයෙන් ජනතාව අතරට යන්න පුළුවන් කියලා මා මිත්‍ර ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමාට මම සිහිපත් කරන්න කැමතියි.

– අරවින්ද අතුකෝරල

Related posts

IDH රෝහලේ ගී ගයන හෙද හෙදියෝ

colombotoday

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

අසාධාරණ මිලට වාහන විකුණු ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් කිහිපයකට වැඩ වරදී

colombotoday

දියතලාව බස් බෝම්බය ගැන ජනතාව නොමග යවා වරද හමුදාවට පටවයි !

colombotoday

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

colombotoday

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday