Colombo Today Local News

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

15,000කින් සමන්විත එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේ දී භාර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැමිණ තිබුණි.

එන්නත් තොගය භාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නතට ද මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය හිමිවිය.

එම එන්නත් මාත්‍රා මිලියන 07ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

ද. මුහුදේ බහුදින ධිවර යාත්‍රාවකින් ඇල්ලූ හෙරොයින්වල වටිනාකම රු. මිලියන 3500 ක්

Admin

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

උතුරේත් දකුණෙත් යුද අපරාධ සිදුවී තිබෙනවා – ජවිපෙ

colombotoday

මත්පැන් නිෂ්පාදන සමාගම් දෙකක බලපත්‍ර තවදුරටත් අත්හිටුවයි

Admin

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday