Colombo Today Local News

අසාධාරණ මිලට වාහන විකුණු ප්‍රධාන පෙළේ වාහන ආනයන සමාගම් කිහිපයකට වැඩ වරදී

පාලනය කළ නොහැකි හේතු සාධක මත වාහන අමතර කොටස් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි වුවද පවතින තත්වය හමුවේ අසාධාරණ ලාභ උපයමින් නීති විරෝධීව කටයුතු කළ මෙරට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ප්‍රධාන පෙළේ සමාගම් කීපයකට එරෙහිව පුත්තලම පාරිභෝගික අධිකාරිය විසින් නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇත.

මෙරට ප‍්‍රධාන පෙලේ වාහන ආනයන සමාගම් කිහිපයකට එරෙහිව වාහන අමතර කොටස් වල මිල සඳහන් නොකිරීම, සඳහන් මිල වෙනස් කිරීම, මිල සඳහන් නොකර පැරණි තොග ද වර්තමාන මිල ගණන් වලට අලෙවි කිරීම සම්බන්ධව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

මේ අනුව වාහන අමතර කොටස් වල මිල ලකුණු නොකිරීම සහ ඒ හරහා සිදුකරන අක්‍රමිකතා පිළිබඳව දිස්ත්‍රික්කය පුරා පිහිටි වෙළඳසැල් සහ ආයතන සම්බන්ධව පුත්තලම පාරිභෝගික අධිකාරිය මගින් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

Related posts

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

සුනාමි කලුවා – මීගොඩ චව්වා සහ බඩෝවිට වසා පොලිස් දැලේ

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

රන්ජන් රාමනායක වසර 4ක් බරපතල වැඩ සහිතව සිරගෙට.

colombotoday

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

colombotoday