World

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලිග්‍රා ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකදී මිතුරන් පිරිසක් විසින් මනාලයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඒ අදාළ මංගල උත්සවයට පැමිණි පිරිසට ලබාදුන් මත්පැන් ප්‍රමාණයෙන් සෑහීමකට පත්වීමට මිතුරන්ට නොහැකිවීම හේතුවෙන්.

ඔවුන් තවත් මත්පැන් ඉල්ලා ඇති අතර එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් මත මෙම ඝාතනය සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

පසුගිය සඳුදා රාත්‍රී මෙම මංගල උත්සවය පවත්වා ඇති අතර මියගොස් ඇත්තේ 28 හැවිරිදි තරුණයෙක්. ඔහු සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් මිතුරන් වෙනුවෙන් සාදයක් සිය උපන් ගමේදී සංවිධාන කර තිබුණා. එහිදී ලබාදුන් මත්පැන් මදිවී මිතුරන් තවත් මත්පැන් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී එය සපයාදීමට හැකියාවක් නොමැති බව මනමාලයා ප්‍රකාශකර ඇතැයි සඳහන්.

අනතුරුව සිදුවූ බහින්බස් වීමකින් මිතුරන් මනමාලයාට පිහියකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙම ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවන් 4 දෙනෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා ඉන්දීය ආරක්ෂක අංශ විමර්ශණ සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

Related posts

පකිස්තානය ඉන්දීය චිත්‍රපට තහනම් කරයි

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

ලංකාවේ සහ නේපාලයේ පාලන බලය ඇල්ලීමේ ‘ඉන්දීය අරමුණ’ දැඩි විවේචනයට

colombotoday

මුස්ලිම් සමලිංගිකයන්ට ෂරියා නීතියෙන් දඬුවම් කිරීමට එරෙහි පෙත්සමක් සලකා බැලීමට මැලේසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දෙයි

colombotoday

ගාසාහි රෝහල්වල ඉන්ධන සංචිත ඇත්තේ තවත් පැය 24කට පමණයි – දහස් ගණනක් රෝගී ජීවිත අවදානමේ

Admin

හමාස්ට එරෙහි මෙහෙයුම පූර්ණ ශක්තිය යොදා අඛණ්ඩව ගෙන යනවා | ඊශ්‍රායල අගමැති ජනතාවට කියයි.

colombotoday