World

ට්‍රම්ප් සමඟ දේවස්ථානයට යාම ගැන සමාව ඉල්ලන හමුදා නිලධාරියා

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ මත භේදයකට ලක් වු දේවස්ථානයට ගමන් කිරිමට එක්වීම පිළිබඳ එරට ඉහළම හමුදා නිලධාරියා සමාව
ඉල්ලා තිබේ.

අමෙරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක් මිලේ ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා සමඟ එම ගමනට එක්වීම දේශපාලනය සමඟ හමුදා මැදිහත් වීමක් පෙනී යන බවයි.

තමා එම ගමන යායුතු නොවු බව සඳහන් කළ හමුදා ප්‍රධානීයා ඉන් පාඩම් උගත් බව සඳහන් කර තිබේ.

කළු ජාතිකයෙකුගෙ ඝාතනයට විරෝධය පළකරමින් එක් වු පිරිස් පසුගිය ජුනි 01 වනදා ධවල මන්දිරය ආසන්නයේ පිහිටි දේවස්ථානයකට හානී සිදුකර තිබුණි.

පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.

Related posts

100,000 ඉක්මවන අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින්

colombotoday

ලෝක බලවතාගෙන් රුසියාවට අනතුරු ඇගවීමක්

colombotoday

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

අද සිට නෙදර්ලන්තයේ බුර්කාව සහ නිකාබය තහනම්

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 50 ඉක්මවයි

colombotoday