World

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත කැනඩාව තුළ හදිසි භාවිතය සඳහා එරට සෞඛ්‍ය පරිපාලකවරයා අනුමැතිය ලබාදී තිබේ.

ඒ එම එන්නතට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ බලධාරීන් අද (10)දින රැස්වීමට නියමිතව ඇති පසුබිමකය.

කොවිඩ් මර්දනයට කැනඩාව තුළ භාවිත කිරීමට තිබිය යුතු බවට නිර්දේශිත ආරක්ෂිතභාවය, සඵලත්වය ඇතුළු ගුණාත්මක අවශ්‍යතා සපුරා ඇති බැවින් ෆයිසර් එන්නතට අනුමැතිය ලබාදුන් බව කැනේඩියානු සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ මස අවසානයේ දී කැනඩාවට එන්නත් මාත්‍රා දෙලක්ෂ හතළිස්දහසක් ලැබීමට නියමිත අතර ඉදිරි සතියේදී එන්නත් ලබාදීමට නියමිතව තිබේ.

මෙතෙක් ෆයිසර් කොවිඩ් එන්නත භාවිත කිරීමට අනුමැතිය ලබාදී තිබුණේ එක්සත් රාජධානිය සහ බහරේනය පමණයි.

ඒ අතරින් එක්සත් රාජධානියේ එන්නත්කරණ වැඩසටහන ඉකුත් සඳුදා ආරම්භ කෙරුණු අතර එන්නත ලබාගත් ජාතික සෞඛ්‍ය සේවයේ සේවකයන් දෙදෙනෙකුට අසාත්මිකතාවක් ඇතිවූ බව ඊයේ නිවේදනය කළේය.

ඒ අනුව අසාත්මිකතා සහිත පුද්ගලයන් එන්නත ලබා නොගතයුතු බවට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළේය.

එන්නත අසාත්මික වීමේ සිදුවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සිදුකරන පරීක්ෂණවලට සහාය දෙන බව ෆයිසර් සමාගම පවසා තිබේ.

එම එන්නත ලබාගත් පළමු පුද්ගලයා වන උතුරු අයර්ලන්තයේ පදිංචි මාග්‍රට් කීනන් නමැති වයෝවෘද්ධ කාන්තාව ඥාතීන්ගේ හා සෞඛ්‍ය සේවකයන්ගේ සුබපැතුම් මධ්‍යයේ රෝහලින් පිටව ගියේය.

Related posts

ටෙක්සාස්හි වෙඩිතැබීමෙන් මිය ගිය ගණන 22 දක්වා ඉහළට

colombotoday

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday

ඉස්ලාම්, බංග්ලාදේශයේ නිල ආගම ලෙස තවදුරටත් පිළිගත යුතුද? නැද්ද? බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය සළකා බලයි

colombotoday

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

colombotoday

ට්විටර් සමාගම ගෙවිම් නොකළ ගිණුම්වලින් සිය සත්‍යාපන ලාංඡනය ඉවත් කරයි

Admin

මැලේසියාවේ සිටින උතුරු කොරියානුවන්ට රටින් පිටවීම තහනම්

colombotoday