Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා – ඇමති සරත් වීරසේකර කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ අද (16)දින ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මහනුවරට පැමින ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහ විහාර වෙත ගොස් එම පාර්ශවයන්ගේ මහනාහිමිවරු දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් පසු මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමිවරු සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇමැතිවරයා දීර්ඝ වේලාවක් සාකච්ඡා කළේය.

බෝම්බ පුපුරුවා ගැනීමේ සිදුවීම් 8කට අදාළව පොලීසිය විමර්ශන සිදුකර ලිපිගොනු 8ක් නීතිපතිවරයාට බාරදී තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පිරිසක් රැඳවුම් නියෝග මතත් තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතවත් සිටින බවද එහිදි ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධ නඩු පැවරීමේ ප්‍රමාදයක් තිබේද යන්න පිළිබඳව තමන් නීතිපතිවරයා හමුවී විමසූ බවත් දැනට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමක් ක්‍රියාත්මක බැවින් එම වාර්තාව නිකුත්වන තෙක් නඩු පැවරිය නොහැකි බව එතුමා දැනුම් දුන් බවත් වීරසේකර මහතා දැනුම් දුන් බවත් ජනපති කොමිසමේදී මතුවන අලුත් සාක්කි මත නඩු පැවරීම් කළ හැකි නිසා ඇතිවිය හැකි පරස්පරතා මඟ හරවා ගැනීමට අදාළ වාර්තාව එළිදක්වන තුරු සිටිය යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා එහිදි සදහන් කළේය.

මෙයට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබෙන බැවින් නඩු පැවරීම කළ යුත්තේ මේ සියලු කාරනා අධ්‍යන්‍යය කිරීමෙන් පසුව බවද නීතිපතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

දැනට මේ සම්බන්ධව අධ්‍යනය කිරීමට නීතිපතිවරයා විසින් නීතීඥයින් 12 දෙනෙකු පූර්ණ කාලීනව යොදවා තිබෙන අතර එයට අමතරව තමන්ද විමර්ශන කටයුතු නිසි ලෙස සිදුව තිබේද යන්න සෙවීමට වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන බවද එහිදි සරත් වීරසේකර මහතා සදහන් කළේය.

Related posts

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday

ජෝසප් ස්ටාලින්ට නොච්චියාගම විරෝධතාකරුවන් සාරි අන්දයි

Admin

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday