Colombo Today Local News

“මහින්ද විදුලි පුටුවෙන් බේරාගත්තේ මමයි“ – ජනපති

mithrepalaමෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුවහොත් තමාව විදුලි පුටුවට ගෙන යාමට උත්සහයක් ඇතැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව මුලා කිරීමක් සිදු කළ බවත් නමුත් තමා බලයට පත් වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පොළොන්නරුව වැලිකන්දේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

එහිදී ජනපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ යුද්ධ නතර කිරීමේන් පසු සිදු වූයේ බොම්බ පිපිරීම්, අවි ආයුධ ප්‍රශ්න හා කපා කොටා ගැනීම අවසන් වීම පමණක් බවත් යුද්ධය ඇතිවීමට විසඳුම් නොලැබුණු බවයි. මේ රජය යුද්ධය ඇතිවීමට විසඳුම් ලබා දී නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට විසඳුම් ලබා දෙන බව ද කීවේය.

එසේම මෙම රජය පසුගිය රජය මෙන් තෝරා බේරා ගත් ප්‍රදේශ පමණක් සංවර්ධනය නොකරන බවත් මුළු රටටම සමබර සංවර්ධනයක් ලබා දෙන බවත් ජනපති කියා සිටියේය.

Related posts

‘ජනපති මරමු’ යි ෆේස්බුක් එකෙන් කියූ කෙනා අත්අඩංගුවට !

colombotoday

හරක් කටාගේ ආරක්ෂාව තර කරයි

Admin

දකුණ මහ විපතක.. උතුරේ දෙමළ නායකයන්, විපක්ෂ නායක මීක් නෑ.. ජාතිවාදීන් කවුදැයි දැන් තේරෙයි !

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

2005 පටන් කාපු බීපු හැටිත් මගෙන් අහනවා.. ඒ ගැන කියන්න මේ දවස්වල හට්ටි මුට්ටි ගණන් කරනවා

colombotoday

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

colombotoday