Colombo Today Local News

තිරු නිඩේෂන් අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (15)දින පැමිණ තිබේ.

උදෑසන 10.00ට පමණ අල්ලස් කොමිසමට පැමිණී ඔහු, මේ වන විටත් සිය ප්‍රකාශය ලබා දෙමින් සිටින බව වාර්තාවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට තිරු නඩේෂන් මහතා පළමුව අල්ලස් කොමිසමට ගොස් තිබුණේ ඉකුත් 08 වැනිදාය.

පැන්ඩෝරා පත්‍රිකා මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් (06) වනදා කළ දැනුම් දීම මත තිරු නඩේෂන් මහතා කොමිසම හමුවට කැදවීමට තීරණය කර තිබූ බව අල්ලස් කොමිසම සදහන් කළේය.

Related posts

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

කොස්ගොඩ තාරක ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනකුට ඩෙංගු

colombotoday

ආයෝජන මණ්ඩලය හරහා ලබා දෙන බදු සහන අදින් නිමයි

colombotoday

“රන්ජන් කළේ පට්ටපල් බොරුවක්.. ඩිෆෙන්ඩරයේ ලියකියවිලි මා සතුයි” නියෝජ්‍ය ඇමති හාරිස්

colombotoday

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday