Colombo Today Local News

“රන්ජන් කළේ පට්ටපල් බොරුවක්.. ඩිෆෙන්ඩරයේ ලියකියවිලි මා සතුයි” නියෝජ්‍ය ඇමති හාරිස්

gonja44

කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩර් රථය ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් එකක් බවත්, එම රථය වර්ථමානයේ භාවිතා කරන්නේ තමන් බවත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතා පවසයි.

ඩිෆෙන්ඩරයට අදාළ සියළු ලිපි ලේඛණ ක්‍රීඩා අමාත්‍යාංශයේ පවතින් බවත් එම වාහනය පිළිබදව ගැටළුවක් පවතින්නේ නම් තමාගෙන් හෝ පොලීසියෙන් ඒ පිළිබදව විමසීමට රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා කටයුතු කළ යුතුව තිබුණු බවත් ඔහු එසේ නොකර අනවශ්‍ය වැඩක් කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් නියෝජ්‍ය ඇමති හාරිස් මහතා පවසයි.

මාදිවෙල නිවාස සංකීර්ණයේ පැවැති මෙම ඩිෆෙන්ඩර් රථය ව්‍යාජ අංක සහිත ඩිෆෙන්ඩරයක් බවත් එය භාවිත කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පුද්ගලයිනට පහරදුන් බවත් නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (18දා) මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

Related posts

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

හිටපු ජනපතිනි චන්ද්‍රිකාට කාර්ය මණ්ඩලයේ විරෝධය

colombotoday

හොරකම් කරලා හදපු ගෙවල් ගිනි තැබීම සාධාරණයි

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

සරත් ෆොන්සේකා ජනපති සටනට

Admin

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin