Colombo Today Local News

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා හෙට(01) සිට එකම ආයතනයක් තුළින් බලපත්‍ර ලබා දෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට පැමිණ,අදාල ලේඛන ඉදිරිපත් කිරීමෙන් පසු බලපත්‍ර ලබා ගත හැකි බව එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කරයි.

ඒ සඳහා දිවයින පුරා පිහිටා ඇති භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කාර්යාලවලින් සේවාවන් ලබා ගත හැකිවේ.

මීට පෙර පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනිමට යාමේදි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්විය.

ගල්, වැලි, හා පස් වැනි භූ සම්පත් සංවර්ධන කාර්යන් සඳහා යොදා ගැනීමේදී මතුවන ගැටලු සොයා බැලීම සඳහා පසුගියදා ජනාධිපති කාර්ය සාධක බලකායක් ද පත් කෙරිණි.

මේ අතර ගල්කොරි සඳහා වසර 03 ක කාලයක් සඳහා බලපත්‍ර නිකුත් කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.

Related posts

තවත් බෝම්බ ප්‍රහාරයක් ගැන අනතුරු ඇගවීමක්…

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

ඉන්දියාවෙන් ඩොලර් බිලියන එකක්

colombotoday

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

colombotoday

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

colombotoday