Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

ශ්‍රී ලංකාව තුළ සූර්ය සහ සුළං ඇතුළත් පුනර්ජනනීය බලශක්ති සඳහා තවදුරටත් මහාපරිමාණ ආයෝජකයින්ට ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදු කළේ, ඊයේ පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවැත්වෙන බලශක්තිය සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ කථිකාවකට එක්වෙමිනි.

තව ද ශ්‍රී ලංකාව තුළ කුඩා පරිමාණ සූර්ය බල ව්‍යාපෘති 7,000 ක් සඳහා ආයෝජනය කිරීමට ද ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ජනාධිපතිවරා එහිදී ආරාධනා කළේ ය.

ශ්‍රී ලංකාවේ අලුතින් ගල් අඟුරු බලාගාර ඉදි නොකිරීමට ගත් තීරණය මගින් දේශගුණික විපර්යාස සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමුළුවට ශ්‍රී ලංකාව විසින් ලබාදෙන දායකත්වය මැනෙවින් පෙන්නුම් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.

ජනාධිපතිරයා ප්‍රකාශ කර සිටියේ, බලශක්තිය සඳහා වූ තිරසර සංවර්ධනයට ලංකාවේ ප්‍රමුඛත්වය දී ඇති බවත් 2030 වනවිට බලශක්තියෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති මුලාශ්‍රවලින් ලබා ගැනීමට අරමුණු කර ඇති බවයි.

Related posts

මෛත්‍රී, ගෝඨා අගමැති කිරීමේ සුදානමක !

colombotoday

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday

මහනුවර නගරයේ රථවාහන තදබදය ආණ්ඩුකාර වරයාගේ අවධානයට

colombotoday

මෛත්‍රීගේ කතාව ජනතාව රැවටීමේ රංගනයක් පමණයි – ප්‍රසන්න රණතුංග

colombotoday

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

ඇමැති ජොන්ස්ටන්ගේ දුෂණ හෙලි කළ මාධ්‍ය හමුව ගැන විමසන්න CID ය මැඩිල්ලේ හිමිගේ පන්සලට.

colombotoday