Colombo Today Local News

ගල් අඟුරු සල්ලි තෙල්වලට ගෙව්වොත් පැය 15ක විදුලි කප්පාදුවක්

ගල් අඟුරු ආනයනය කිරීමට වෙන් කර ඇති මුදල් ඉන්ධන ආනයනය කිරීමට යොදා ගැනීමේ සූදානමක් පවතින බැවින් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

ගල් අඟුරු හිඟයක් ඇතිවුවහොත් එමගින් විදුලිය නිෂ්පාදනය කරන බලාගාර අඩපණ වන බැවින් පැය පහළොවකට පමණ කාලයකට විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මෙම ආරංචි මාර්ග සැක පළ කරයි.
එවැනි විදුලි කප්පාදුවකට යාමට සිදුවුවහොත් එය මෙතෙක් කාලයකට මෙරට සිදුවන දීර්ඝතම විදුලි කප්පාදුව වනු ඇති බවට විදුලිබල මණ්ඩලයේ එම ආරංචි මාර්ග අවධාරණය කර සිටියේය.

අප්‍රේල් මාසය අවසන් වන්නට පෙර ගල් අඟුරු ආනයනය කිරීම ආරම්භ නොකළහොත් අප්‍රේල්වලින් පසුව පැමිණෙන වාරකන් කාලයේ දී කිසිදු ගල් අඟුරු නැවක් මෙරටට ගෙන්වා ගැනීමට අවස්ථාව නොලැබෙනු ඇත.

එබැවින් ඉදිරි සති කිහිපය ඇතුළත අනිවාර්යෙන්ම ගල් අඟුරු ආනයනය කටයුතු ආරම්භ කළ යුතු බවත් එසේ නොවුණහොත් සිදුවන්නේ ජනතාවට දින ගණනාවකටම අඳුරේ සිටීමට බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

  • අරුණ –

Related posts

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

Admin

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ පෑලියගොඩ OIC යළි සේවයේ පිහිටුවයි

colombotoday

ගත වූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7ක් අපයෝජනයට ලක් වෙලා

Admin

පාර්ලිමේන්තුවට අලුත් පුටු මිළදී ගැනීම : කතානායකගෙන් නිවේදනයක්

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday