Colombo Today Local News

බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ,ගණකාධිකාරි ඇතුලු එහි සිව්දෙනකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක (1) හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත පයාගල විශේෂ කණ්ඩායමක් අමාත්‍යාංශය වෙත ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සිව් දෙනාගෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන අද පස්වරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Related posts

“මත්පැන් බොන අයට ඡන්දය දෙන්න එපා” – ජනපති

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

සකුරායි ගුවන් සමාගමේ සියලු ගුවන් සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

colombotoday

හෙල්මට් නැතිව යන එක වරදක් කියල මං දන්නේ නෑ- පොහොට්ටු අපේක්ෂක සනත් නිශාන්ත කියයි

colombotoday

රේගුවේ ජීප් රියක් මුහුදට කරනම් ගහලා

colombotoday