Colombo Today Local News

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

අද (02) දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතාව අද පස්වරුවේ කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

ඉන් අනතුරුව ඔහුව මහර බන්ධනාගාරය වෙත රැගෙනයෑමට නියමිත බවට ද තොරතුරු වාර්තා වෙයි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සමන් රත්නායක, ඊයේ (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි.

එහිදී ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත්තේය.

පසුව ඔහු අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එහිදී රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.

Related posts

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සියලුම පාඨමාලා ගාස්තු ඉහළට

Admin

යාපනය – මනල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවයි !

colombotoday

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

එළැඹෙන මහ කන්නයට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට පියවර

colombotoday

වකුගඩු රෝහල මගේ. ඒකෙ බිත්තර දාන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ – මෛත්‍රී

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ තොරතුරු නිළධාරිනිය “ගොන් පාර්ට්” දමයි

colombotoday