Colombo Today Local News

එජාපයේ ලොකු වෙනසක්.. මහලේකම් අකිල? සජිත්ට තිබූ තැනත් නැතිවෙන හැඩ

akila ranil

එක්සත් ජාතික පක්ෂයේ ඉහළම පෙලේ තනතුරු කිහිපයක වෙනසක් සිදුකිරීමට සූදානම් වන බව එජාප ආරංචිමාර්ග සදහන් කරයි.

ඒ අනුව එජාපයේ මහ ලේකම් ධූරය ඇතුළු තනතුරු කිහිපයක් ඉක්මනින්ම වෙනස් වනු ඇති බවත්, දෙවනපෙළ නායකයන්ට වැඩි වගකීම් පැවරෙනු ඇති බවත් එම ආරංචිමාර්ග සදහන් කරයි. එජාපයේ මහ ලේකම් ධූරය දෙවන පෙළ නායකත්වයට පැවරෙන අතර ඊට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ නම යෝජනා වී ඇත.

ඊට අමතර පක්ෂයේ වෘතිතීය සමිති කටයුතුද කාරියවසම් මහතාට පැවරෙනු ඇති අතර රුවන් විජේවර්ධන මහතාට සහ හර්ෂ ද සිල්වා මහතාටද පක්ෂයේ වගකිය යුතු තණතුරු හිමිවනු ඇති බව සදහන්.

එජාප ව්‍යවස්ථාවට පිටින් ඇතිකළ නායකත්ව මණ්ඩලය නියෝජ්‍ය නායක, උප නායක යන ධූර අහෝසි කර රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් පක්ෂ නායක යන නමින් නම් වෙනු ඇති බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

පළාතෙන් පිට විනෝද ගමන්, සති අන්ත චාරිකා මැයි 30 තෙක් තහනම්

colombotoday

රෝහල්වල ඖෂධ සියයට සියයක් සුරක්ෂිත නැහැ – හිටපු සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන කියයි

Admin

චන්ද්‍රිකා එජාපයෙන් යලි දේශපාලනයට…

colombotoday

JVP කැසිනෝ ගසති? – කැසිනෝ ගනුදෙනු පිලිබදව ජවිපෙට එල්ලවුණු චෝදනාවලට පිළිතුරු නෑ…!!

colombotoday

“දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඉතා හොදයි.. සංහිදියාව ඇතිවන්නේ එතකොටයි“ – ජවිපෙ

colombotoday

22 සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙන්න

colombotoday