Colombo Today Local News

වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සාමාන්‍ය අතට

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියලුම පර්යන්තවල මෙහෙයුම් සහ සෙසු සේවා කටයුතු ක්‍රමිකව සාමාන්‍ය අතට පත්වෙමින් ඇතැයි, ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

වරාය අධිකාරිය මේ බව සඳහන් කළේ , සී.අයි.සී.ටී සහ එස්.ඒ.ජී.ටී පර්යන්ත සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය තුළදී වරාය පර්යන්තවල මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල විය.

වරාය අධිකාරිය ගනු ලැබූ සෞඛ්‍යාරක්ෂිත පියවර හේතුවෙන් සියලු මෙහෙයුම් හා සේවා කටයුතු උපරිම මට්ටමෙන් ක්‍රියාත්මක වෙමින් ඇතැයි, අදාළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් ය.

පාරිභෝගිකයන්ට වරාය සේවා සහ පර්යන්ත මෙහෙයුම් පිළිබඳ කිසියම් ගැටලුවක් ඇතිනම් 0112 320 405 / 071 688 94 52 යන දුරකතන අංක අමතා තොරතුරු විමසිය හැකියි.

Related posts

කෘෂිකර්මේ සල්ලි ගිලින සබීතාගෙ හිස් බිල්ඩිම : මාසික විදුලි බිල ලක්ෂ 13 යි !

colombotoday

අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් 5000 ක දීමනාවක්

colombotoday

බදුල්ලේදී බස් රථයක් කරනම් ගසයි – රියැදුරු මරුට – දහයක් රෝහලේ

colombotoday

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු!

colombotoday