Colombo Today Local News

මවගේ ඇකයේ සිටියත් ඒඩ්ස් බෝවෙනවායි අධ්‍යාපන ඇමති කළ ප්‍රකාශයට ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයෙන් පිළිතුරු

hju1121එච්.අයි.වී ආසාදිතයෙකු බවට වැරදි ප්‍රචාරයක් හේතුවෙන් අසාධාරණයට ලක්වූ කුලියාපිටියේ දරුවා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී සදහන් කර තිබුණේ අදාල දරුවා මවගෙන් වෙන්කොට පරිවාසභාරයට පත්කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි. ඇමතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දරුවාගේ මවට HIV ආසාදනය වී ඇති බැවින් මවගෙන් දරුවාට ද ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි.

දරුවාගේ මවටද එච්.අයි.වී. වෛරසය ආසාධනය වී ඇති බවට නිසි පරීක්ෂණයකින් තොරව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල සිටින විශාල පිරිසක් සිය අප්‍රසාදය ඊට පළ කර තිබෙනවා.

“අපේ ප්‍රදේශයේ නිසා අපි දන්නවා මව සහ කටයුතු වෙන ආකාරය “යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් මෙම දරුවාගේ මව ද සඳහන් කර තිබුණේ තමන් එච්.අයි.වී. ආසාදිතයෙකු නොවන බවයි.

එච් අයි වී ආසාදිතයෙකු සම්බන්ධයෙන් වුවත් එලෙස ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමේ අයිතියක් අමාත්‍යවරයෙකුට තබා කිසිම පුද්ගලයෙකුට නැති බවයි සමාජ විශ්ලේෂකයන් ද පවසා ඇත්තේ.

මේ අතර අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය” පවසන්නේ කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන්කර පරිවාස භාරයට පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. එහි අධ්‍යක්ෂක‍ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරන්නේ මවට එච් අයි වී ආසාධනය වී තිබුණද එමගින් දරුවාට බලපෑමක් ‍නොවන බවයි. යම් හෙයකින් මවට ආසාධනය වී තිබුණද ඖෂධ මගින් එය පාලනය කළ හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.

හඩ පටය NethFm

Related posts

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

colombotoday

මවක් සහ දියණියක් යටකර දියවන්නාවට මෝටර් රථයක් කරනම් ගසයි

colombotoday

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

colombotoday