Colombo Today Local News

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…



‘ෆොන්සේක කාපු හිර බතක් නෑ. මෙයාට සුපිරි කෑම ඕනෑ. ඒවා තමා අපි ගිහින් දුන්නේ. අනෝමා ෆොන්සේකා කෑම ටිරාන් අලස්ගේ ගෙදරට ගිහින් දෙනවා. ටිලාන් අලස් මන්ත්‍රීතුමා එයාගේ එම්.එස්.ඩි.එකේ දෙදෙනකු එක්ක ඒවා හිරගෙදර ගෙනියනවා. ඒවා තමා එයා කෑවේ. එයාට හිරගෙදර සියලු සැප සම්පත් තිබුණා. ටී.වී. ඇඳන් මෙට්ට මේ හැම දෙයක්ම තිබුණා. අපි ෆොන්සේකාට හිරගෙදර ගෙනිහින් නුදුන්නේ ගෑනියකු විතරයි.‘‘ යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දී   පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පාලිත තෙවරප්පුරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

‘‘ෆොන්සේකාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ එයාගේ අක්කලා නංගිලා. මගේ ඉන්නේ රස්තියාදු කාරයන්ලු. මගේ කාර්ය මණ්ඩලයේ ලේකම් සුනිල් ද කොස්තා විශ්‍රාමික නිදහස් විනිසුරු, සම්බන්ධීකරණ ලේකම් ප්‍රසාද් ගුණසිංහ ප්‍රයිස්ටා බේකස් අධිපති, දේශාන් යටියල ඔහු අභ්‍යාන්තර වාස්තු විද්‍යාඥයෙක්, මාධ්‍ය ලේකම් මලීන් දැඩිගම, දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධිපති, සම්බන්ධිකරන ලේකම් ළහිරු දිල්ශාන් එයා සිවිල් ඉංජිනේරුවෙක්, කළමනාකර ආර්. ජයතිස්ස හිටපු ප්‍රදේශීය සභාසභාපති, අමල් සමරසිංහ විපක්ෂ නායක .

ෆොන්සේකා වගේ අක්කල, නංගිල, දූලා මා කාර්ය මණ්ඩලයට දාලා නෑ. මම නාවික හමුදාවෙන් පැනල ගියාද කියල නාවික හමුදාව දන්නවා.

ෆොන්සේකා කියනවා මගේ ඡන්ද නවත්වනවාලු. මගේ ඡන්ද නවත්තන්න ෆොන්සේකාට බෑ. මා අභියෝග කරනවා. ෆොන්සේකා ඡන්දේ ඉල්ලන්නේ කොහෙන්ද ගම්පහ ද, කළුතර ද නුවරද ඒ ඉල්ලන ඕනෑම ප්‍රාදේශයකින් අගමැතිට කියල මට  නාම යෝජනා අරන් දෙන්න. මට ආසන සංවිධායකකම් එපා දිස්ත්‍රික් සංවිධායකකම් එපා. අපේක්ෂක ලේඛනයට නිකම් පාලිත තේවරප්පෙරුම කියල නම දාල දෙන්න ෆොන්සේකා කවුද පාලිත කවුද කියල මා පෙන්වලා දෙන්නම්.

තේවරප්පෙරුමට රටේ ජනතාව කොච්චර ආදරෙයිද කියලා මා පෙන්වන්නම්. මා නායකතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒ දේ පමණක් කරන්න. ෆොන්සේකා මට කළ අභියෝගය මා ෆොන්සේකා ළඟට ඇවිත් බාරගන්වා.  මා කළුතරින් එලවන්න ලැහැස්ති වෙන්න එපා ෆොන්සේකා. කැලණිය බේරගන්න. නිකම් කළුතර දිස්ත්‍රික්කයට ඇවිත් රස්තියාදු වෙන්න ඕනෙ නැහැ. ෆොන්සේකාට විරුද්ධව හෙට අනිදාට කැලණියෙ මිනිස්සු උද්ඝෝෂණ කරනවා. කළුතරට ඉස්සෙල්ල කැලණිය පරිස්සම් කරගන්න.

නායකතුමා මේ ෆොන්සෙන්කා ගෙනත් තියෙන්නෙ ඡන්දවලට නොවේ, බුරන්න. මහින්ද රාජපක්ෂට බුරන්න. ගෝඨාභය රාජපක්ෂට බුරන්න. විමල් වීරවංශට බුරන්න, උදය ගම්මන්පිළට බුරන්න ෆොන්සේකා ගෙනත් තියෙන්නේ. උසි උසි කීවාම බුරනවා. හැබැයි මට බුරන්න ආවොත් ෆොන්සේකා දැනගන්න නැට්ටෙන් අල්ලා ගිනිසිළුවට විසිකරනවා.

වනජීවි අමාත්‍යංශයේ තියෙනවා වනජීවි බාර් කියල ආයතනයක්. ඒක රාජ්‍ය නොවන සංවිධානයක්. ඒකේ අධ්‍යක්ෂ කවුද ෆොන්සේකාගේ ලොකු තාත්තාගේ පුතා. නාගහතැන්න. ඒ පුද්ගලයා අමාත්‍යංශය සතු වාහනයක් දීලා තියෙනවා. එහෙම දෙන්න බෑ මේවාට විරුද්ධව හෙට අනිදාට මා නඩු දමනවා.

මම වනජීවී අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා. වනජීවි අමාත්‍යංශයේ තිබෙන ගැටළු මේ රටේ කොහේවත් නෑ. මේක ජනවාර්ගික යුද්දෙට වඩා ප්‍රශ්න, ගැටළුව තියෙන තැනක් තමයි වනජීවි අමාත්‍යංශය. අලි බේරගන්න ඕනේ මිනිස්සු බේරගාන්න ඕනේ.

අලි මරන්නත් බෑ මිනිස්සු මරන්නත් බෑ. හැමෝම බේරගන්න ඕනේ.  මේක තමයි ලොකුම ප්‍රශ්නය. මා වනජීවි නියෝජ්‍ය ඇමැතිකමෙන් අයින් කළේ ෆොන්සේකාගේ කීමටලු.  හරි මේ මනුස්සයාගේ කීමට අයින් කළා කියමුකෝ.

මට දුන්නා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති කම. හැබැයි මේක ඊට එහාගිය ප්‍රශ්නයක්. මේ රටේ දුගී දුප්පත් මිනිස්සුන්ට ආබාධිත පුද්ගලයන්ට උදව් කරන්න පුළුවන්. සියලු දෙනට උදව් කරන්න පුළුවන් ලොකුම අමාත්‍යංශයක් මේක.

මේ ඇමැතිකමෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. මේකේ ඉන්නෙ හොඳ ඇමැතිවරයෙක් ඒ තමා දයාගමගේ. ඔහු බෝහෝම හොඳ ව්‍යාපාරිකයෙක් 40000ක් පමණ පිරිසක් ඔහු ළඟ සේවය කරනවා. නෝනාගෙන් උපදෙස් අරගෙන කටයුතු කරන කෙනෙක්. එතුමාගේ නියෝජ්‍ය ඇමැතිකම ලැබීම මට ලොකු පිනක්. එතුමත් එක්ක එකතුවෙලා කළහැකි ලොකුම දේ මා කරනවා. ෆොන්සේකා කියනවා මා එයාගේ ආරක්ෂකයන්ට තියෙන වාහනයක් අරන් ගියාලු. එයාට  අකුරු තේරෙන්නේ නැහැ. මම ගිය ගිය වාහන ඔක්කොම මාඟ හිටියා. එකක් සූරියවැව එකක් හම්බන්තොට එවා මඟ දලා මා එන්නේ බස්එකේ.  

එයා කියනවා මා අනිල් මුණසිංහගේ රියැදුරාලු. අනිල් මුණසිංහ වගේ රටට ආදරය කළ වාංචාවට දූෂණයට එරෙහි වූ මන්ත්‍රීවරයකුගේ නියෝජ්‍ය කතානායකවරයකුගේ රියැදුරා වෙන්න ලැබීමත් වාසනාවක්. ඒක පිනක්. හැබැයි මා අනිල් මුණසිංහගේ වාහන එලෙව්වේ  පඩියට නොවේ. කුමාරවෙල්ගම මහත්තය පයින් ගහල එලෙව්වා කීවා. කුමාර වෙල්ගම මට කියන්නේ අපේ එකා කියලා. බොහොම ගුණවත් මනුස්සයෙක් කෙලින් මනුස්සයෙක් වෙල්ගම කියන්නේ.

මා ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස වැඩ කරද්දී වෙල්ගම මහතා කීවා පාලිත තමා ජනතාවට දැනෙන්න වැඩකළ එකම සභාපති කියලා. අදත් වෙල්ගම මහත්තයා ඒක කියනවා. මහින්ද සමරසංහ මගේ තාත්තාවගේ හිටියා. මහින්ද සමරසිංහ පක්ෂය පාවල දීලා ගිය දවසේ තමයි අපි මහින්ද සමරසිංහව අතහැරල දැම්මෙ. හැබැයි මහින්ද සමරසිංහට අදටත් අප ආදරෙයි.

මගේ අම්මා කියන්නේ බුදු කෙනෙක් මා මගේ අම්මා තුන්වරක් දඹදිව වන්දනාවේ යැව්වා. මගේ අම්මට මා හොඳට සලකනවා. හැබැයි ෆොන්සේක මහතයා මගෙන් අහගන්න එපා තමන්ගේ අක්කාට සලකපු විදිය. මල්ලි ආවා ෆොන්සේකාව හම්බවෙන්න වෙන්කරපු වෙලාවේ ආවේ නෑ කියල මල්ලිව එලෙව්වා. ආප්පේ වාටිය නෑ කිලය ආමි එකේ කොල්ලන් දන ගස්සල ගැහුවේ නෑ අපි. කපුටෙක් ඔළුවට ජරා කළා කියල අමි එකේ කොල්ලන්ට ගිනි අවි දිලා  කපුටෝ මරන්න අණ කළේ නෑ .

මා හිරගෙදර ඉදන් ඡන්දේ ඉල්ලලා කළුතර දිස්ත්‍රික්කයෙන් පලවෙනියා වුණා. මම යන යන තැන ඉත්තෑමස්, ගෝන මස් , ඌරු මස් හොයනවා. ඔවු මම නීත්‍යානුකූලව හොයන්න පටන්ගත්තේ වනජිවි නියෝජ්‍ය ඇමැතිවරය ලෙස පත් වුණාට පස්සේ. වනජීවි අහිංසක සත්තුන් මරණ එක ඇල්ලුවේ මම, වස දාල මුවෝ මරණ ඒවා අල්ලුවේ මම, ගෝන්නු මරණ ඒවා ඇල්ලුවේ මම. මුව මස් කිලෝ 23 අල්ලල කිලෝ තුනක් උසාවි දාලා ඉතිරි 20 ශීතකරණයේ දාපු අය ඇල්ලුවේ මම. මම මස් හොයන්නේ ෆොන්සේකා වගේ ගිලින්න නොවේ. මම හොයන්නේ නඩු දමන්න. මගේ වත්තේ ඉන්නවා මගේ දරුවා වෙනුවෙන් නිදහස්කළ හරක් 50 ක් 60ක්. එළුවෝ ඉන්නවා. උන් නිදහසේ තමා කාලය ගත කරන්නේ. ඒ සතුන් නිදහසේ ඉන්නාවා. ගෙදර බල්ලට ලෙඩ වුණාම වෙඩි තියල මරණ එකෙක්  නෙමෙයි මම.

මම රට වටේ ගියේ මැරෙන අලි ටික බේරාගන්න. මිනිස්සුගේ දේපල බේරාගන්න අලිවැටවල් ගහන්න තමයි මා රට වටේ ගියේ. අකාලයේ මැරෙන අහිසංක සතුන් බේරාගන්න. අලි ගහල මැරෙනු මිනිස්සු ගැන හොයල බලන්න. ඒවා නැවැත්තුව කියන්නේ පොන්සේකට උවමනාවක් තිබිල නෑ අලි මිනිස් ගැටුමට විසැඳුමක් දෙන්න.

මම හිරේ ගියේ මැර වැඩක් කරලලු. ඔව් මම මැරවැඩක් තමයි කළේ. මම නොවේ මැර වැඩේ කළේ. මේ රටේ 6200000ක් මිනිස්සු ඒ මැර වැඩේ කළේ. මිනිහකුට කතාකරන්න දන්නැති මිනිහකු ජනාධිපතිකරන්න ගියා. ඒක තමා මම කළ මැර වැඩේ. ඒ මැර වැඩේ කරන්න ගිහින් තමයි මා හිරේ ගියේ. හිරගේ ඇතුළේ මම අපා දුක්වින්දා.

ෆොන්සේකා හිරබත් කෑවලු. ෆොන්සේකා හිරබත් කාපු හැටි දන්වා අර්ජුන රණතුංග, ජයන්ත කැටගොඩ. ටිරාන් අලස්. ෆොන්සේකා හිරේ ගියාම මම තමයි එයා බලන්න හිරගෙදරට මුලින්ම ගියේ.  එයා බලන්න යනකොටය පුහුලන් කජු පැකට් එකක්. චොකලට් එකක්. ඇපල් ජූස් එකක්. ඒවා තමා ෆොන්සේකා මුලින් හිරගෙදර ඉඳගෙන කෑවේ. අනික් හැම දෙයක්ම අපි ගෙනිහින් දුන්නා. ෆොන්සේකා කාපු හිරබතක් නෑ.

අපි හිරබත් කෑවේ  ෆොන්සේකා ජනාධිපතිකරන්න ගිහින්. එයා ජනාධිපති වුණා නම් මුලින්ම හිරගෙන දාන්නේ පාලිතවලු. මා  නෙමේ මුලින්ම හිරගෙදරට දාන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒක රටම දන්වා. රනිල් මහත්තයාගේ පිනට, රටේ පිනට මෙයා ජනාධිපතිවුණේ නෑ.

මෙයාගේ කතාව හැටියට තේරෙනවා ලසන්ත වික්‍රමතුංගට මොකද වුණේ කියලා. රැස්වීම්වලට ගියාම ගුබ්බෑයම්වල ඉන්න බැහැලු මෙයාට. ඒ කියන්නේ වනජීවියෙ තියෙන  නිල නිවාස ගුබ්බෑයන්ද. මිනිස්සු පෝලිමේ ඉඳල අවුරුද්ද පුරා වෙන් කරන්නේ ගුබ්බැයම්ද එයාට ඒවයේ ඉන්න බෑ .මානසික ලෙඩක් තිබෙනවා. තරු පහේ හෝටල්ම තමයි හොයන්නේ.‘‘

Related posts

උතුරේ කොටි සැමරුම් පිටුපස එම්මානුවෙල් පූජකයා… ලංකාවට ගෙන්වීමට අතහිත දකුණේ ප්‍රබල ඇමතිගෙන්

colombotoday

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

colombotoday

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

පාලමක් අසල කලපුවේ නාඳුනන පුද්ගල මළසිරුරක්

Admin

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

Admin

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday