Colombo Today Local News

මාවනැල්ලේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලයි

මාවනැල්ල, කෝන්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට අද පොලීසිය සමත් විය.

මෙම වැටලීම සිදු කළේ, මාවනැල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මතයි.

වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 12,000 ක් පමණ පොලිස් භාරයට ගෙන තිබෙන අතර මත්පැන් නිෂ්පාදනාගාරය සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, සැකපිට එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු පලා ගොස් ඇති බවයි.

අත්අඩංගුවට පත් සැකකරු හෙට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

බොදු බල සේනා තරුණ සමුළුව – සජීවී විකාශය

colombotoday

සමගිජනබලවේගය “ඩයනාගේ” පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි

colombotoday

තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

colombotoday

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

colombotoday

‘සර්ව පාක්ෂික සමුළුව නෛතික බලයක් නැති කතා පෙට්ටියක්’

colombotoday