Colombo Today Local News

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

wimal_kirialla

‘ඕනෑ ගොනකුට යුද්ධ කරන්නට පුළුවන් යැයි කියූ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මේ දවස්වල ඔප්පු කරමින් ඉන්නේ ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ කියා‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය හමුවේදීය.

‘අද කිරිඇල්ල මහත්මයා විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් පත් කරන්න නියෝග නිකුත් කරන ඇමති බවට පත් වෙලා තියෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයට එක ලියුමක් යවනවා, ඊට පස්සේ තව ලියුමක් යවනවා රජරට විශ්ව විද්‍යාලයයට. මේ විදියට වයස නොසලකා මෙතුමාගේ ලියුම්වලට ආචාර්යවරුන් බඳවා ගන්නවා. මේ පිළිබඳව මාධ්‍යවේදියකු ඇහුවාම කුණුහරුපයෙන් බැන වදින්න තරම් උද්දච්ච මානසිකත්වයකට කිරිඇල්ල අප්පො පත් වෙලා තියෙනවා.’

උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ මේ තුච්ච පහත් ක්‍රියාව හෙළා දකින බව ද ඔහු කීවේය.

Related posts

මධ්‍යම මැති, ඇමති, නිලධාරී තොගයක් චීන සවාරියේ.. වියදම ලක්ෂ 150යි

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

ප්‍රමිත බණ්ඩාර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට

Admin

බෝගම්බර රැඳවියන් වහලයක් උඩ විරෝධතාවක

colombotoday

තව්හිද් ජමාත්, අබ්දුල් රාසික් පොලිස් අත්අඩංගුවට !

colombotoday

අත්‍යවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය කාර්යක්ෂමව බෙදාහැරීමේ යාන්ත්‍රණයක්

colombotoday