Colombo Today Local News

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

යාල ජාතික වනෝද්‍යානය ඇතුලු මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයින්ට ඩොලර් මගින් ගෙවීම් කර ප්‍රවේශපත් ලබා ගැනීමේ පහසුකම් ලබාදෙන බව වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාළ වැඩපිළිවෙල මෙම මාසය තුළ ආරම්භ කෙරෙන අතර පළමුව යාල ජාතික වනෝද්‍යානයෙන් එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත්තේ රටේ ආර්ථිකයට ඩොලර් ඉපයීම මුලික අරමුණ කර ගනිමින් බව එම අමාත්‍යංශය පවසයි.

මේ අතර දෙස් විදෙස් සංචාරකයින් මෙම දිනවල යාල වනෝද්‍යානය නැරඹීමට බහුල වශයෙන් පැමිණෙන බැවින් සංචාරකයින් සඳහා ලබා දෙන පහසුකම් වැඩි කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් ආරම්භ කරන ලෙස ද අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Related posts

මම මේ රටේ ජනපති නෙවෙයි කියා හිතෙනවා

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 104 ක් අත්අඩංගුවට

colombotoday

සෞඛ්‍ය අංශය සැපයුම්කරුවන්ගේ හිඟ බිල්පත් ගෙවන්න යයි

Admin

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

colombotoday