Colombo Today Local News

නිරෝධායන හෝ සංචරණ නීති කැඩුවොත් අවුරුදු 6ක් හිරේ

නිරෝධායන හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව පවතින නීතිය යටතේ වසර හයකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් දස දහසක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබාදීමේ හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

සංචාර නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය මෙවර අකුරටම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

මේ අතර නිරෝධායන හෝසංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එවැනි පැමිණිලි රැසක් දිවයිනේ පොලිස් ස්ථානවලට දැනටමත් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 448 දෙනෙකු පෙරේදා(12) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අනුව නිරෝධායන නීතිය කඩකිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 8747ක් දක්වා ඉහළ යනු ඇත. මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ වාහන 145 ක සිටි 229දෙනකුට අවවාද කර ආපසු හරවා යැවූ බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාතේ ව්‍යායාම කරන ස්ථාන,ගෘහස්ථ ක්‍රීඩාංගණ මද්‍යසාර අලෙවි සල් 380ක් පරීක්ෂාවට ලක් කර එම ස්ථානවල සිටි 1597දෙනකුට අවවාද කර ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිරෝධායන නීති බරපතළ ලෙස උල්ලංඝනය කළ විසිපස් දෙනෙකු එම ස්ථානවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් කරයි.

Related posts

බදියුදීන් තුට්ටු දෙකට අරාබියට විකුණන් කන්න යන ජාතියේ මහා ධන නිධානයක ඔබ නොදත් තතු මෙන්න…

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනයකර විරෝධතා සංවිධානය කළහොත් නීතිමය පියවරගන්නවා. පොලීසිය කියයි.

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin

කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළේ අසභ්‍ය වීඩියෝවක් පෙන්වයි

colombotoday

තවුහිද් ජමාද් සහ සුෆි මුස්ලිම්වරු දෙපිල බෙදී ගිංතොටදී මරා ගනිති. – 12ක් රෝහලට. 4ක් අත්අඩංගුවට

colombotoday

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin