Colombo Today Local News

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට 2,500ක නිශ්චිත මාසික දීමනාවක්

ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ඒ බව ලිපියකින් දන්වා තිබේ.

එම ලිපියේ දැක්වෙන්නේ, ලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට මාසිකව රුපියල් 2,500ක නිශ්චිත දීමනාවක් ගෙවීම 2021 ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව අදාළ ප්‍රතිපාදන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එම ලිපියෙන් ජනාධිපති ලේකම්වරයා දැනුම්දී ඇත.

Related posts

සන්ධ්‍යා එක්‌නැලිගොඩට මා එදා කීවේ මෙච්චරයි… ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පිළිතුරු දෙති

colombotoday

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

colombotoday

අද රාත්‍රී 8 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාමනිළධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

colombotoday

විනිසුරුට වෙඩි තැබුවාට විරෝධය.. නීතීඥයින් අධිකරණ වර්ජනයේ.. උතුරේ බස් ධාවනය නවතී..

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin