Colombo Today Local News

අද රාත්‍රී 8 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාමනිළධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

අද රාත්‍රී 8 සිට ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන,හිරලුගෙදර,කලුඅග්ගල යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්න වත්ත – නැගෙනහිර ග්‍රාම සේවා වසම ද හුදකලා කරන බවයි යුදහමුදාපති වරයා නිවේදනය කළේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ පැළවත්ත- උතුර පැළවත්ත- නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්ද හුදකලා කෙරෙනු ඇති.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද අද රාත්‍රී 8 සිට හුදකලා කරන බව යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද අද රාත්‍රී 8 සිට හුදකලා කරන බවයි යුදහමුදාපතිවරයා පවසා සිටින්නේ.

Related posts

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday

සඟවා තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ සැප රිය සීසර්ලා උස්සලා

Admin

ස්වශක්ති ණය යෝජනාව අනුමතයි

colombotoday

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක් – 9ක් තුවාල ලබා ජාතික රෝහලට

Admin

“දැන් රටට ඩොලර් ගලාගෙන එනවා.. හොරකම් නැති නිසා හැම සතේම යන්නේ සංවර්ධනයට” – මුදල් ඇමති

colombotoday

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

colombotoday