Colombo Today Local News

කොළඹ වරායේ 6 වන ගේට්ටුව අසළ වෙඩි තැබීමක් – 9ක් තුවාල ලබා ජාතික රෝහලට

කොළඹ වරායේ 6 වන ගේට්ටුව ආසන්නයේදී සිදු වූ ගැටුමකින් තුවාල ලැබූ 9 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහි මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හා ගම්වාසීන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය පවසයි.

එහිදී වෙඩි තැබීමක් ද සිදුව ඇත.

කොළඹ වරායේ 6 වන ගේට්ටුව ආසන්නයේදී වරායේ අදාළ මාර්ග සංවර්ධන වැඩබිමේ යකඩ සොරකම් කිරීමට පැමිණි දෙදෙනෙකු ප්‍රශ්න කිරීමට යාමේදී ගම්වාසීන් පිරිසක් එහි පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.

තුවාල ලබා ඇත්තේ, බ්ලූමැන්ඩල් වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසකි.

තුවාල ලැබූවන් අතරට කාන්තාවන් 04 දෙනෙකු ද ඇතුළත් ය.

එක් කාන්තාවක් ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

නාවල පාර දුම්රිය හරස් මාර්ගය 9 වැනිදා වහයි

Admin

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

එක්සත් ජාතික පක්ෂය පිරිමි ගණිකා මඩමක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday