Colombo Today Local News

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කතුන් දෙදෙනෙක් තාම නිදැල්ලේ

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් දාහත්දෙනා අතුරින් දෙදෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ (10)දින පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මෙසේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා සහරාන් ඉදිරියේ ප්‍රතිඥා (බයියත්) දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර තිදෙනකුට චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇතැයිද ඇමැතිවරයා කීවේය. ” තවත් හත්දෙනෙකු අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා ” යැයිද ඇමැතිවරයා කීය.

එමෙන්ම පාස්කු දින ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන් හෂීම් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ පුද්ගලයකු ලෙස කටාර්හිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නවුෆර් හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා කියයි.

පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා පැවැසුවේ වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැත්තා 2016 සිට සහරාන් සමග සමීපව කටයුතු කර ඇති බවයි. අයි එස් නායක අබුබක්කර් අල් බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්ය භාරයයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවද හෙතෙම කීවේය.

ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ඝාතකයන් තමන්ගේ නායකයා අබුබක්කර් අල් බැග්ඩෑඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපථකර ඇතැයිද ඒ අනුව අන්තවාදී මතවාදයන් සමග පෝෂණය වූ එම ප්‍රහාරකයන් පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බව සපථ කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

දැනට අත්අඩංගුවේ සිටින විවිධ තරාතිරමේ පුද්ගලයන් හා ස්වයං ඝාතකයන් අතර දුරකතන සම්බන්ධතා හඳුනාගෙන තිබෙන අතර ඔවුන් වයිබර් වට්ස්ඇප් වැනි මෘදුකාංග මගින් සබඳතා පවත්වා ඇත.

බොහෝ මද්‍රසා පාසල්වල නිසි ක්‍රමවේදයක් නොමැති බවද ලංකාවේ උපදින සියලු දරුවන්ට අවුරුදු 05 සිට 16 දක්වා රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බවද තමන් අවධාරණය කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අප කටයුතු කරනවා. අනෙකුත් මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීමටත් බුර්කාව පැලඳීම තහනම් කිරීමටත් කඩිනමින් කටයුතු කරනවායැයි ඇමැතිවරයා පැවැසුවේය.

අල්වලාවල්බරා න්‍යාය හෙවත් මුස්ලිම්වරුන්ට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට දේශන කිරීමට පොලඹවන වහාබ් ආයතන තහනම් කරන බවද සරත් වීරසේකර ඇමැතිවරයා කීවේය.

Related posts

කොරෝනා නීති කඩ කළ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය හූල්ට නඩු

colombotoday

අගමැති සිහිනය බොද වෙයි.. ඇමති නිමල් සිරිපාල කලකිරී රට යයි !

colombotoday

සමන්තුරෙයි අගෝමාරි අම්මාන් කෝවිලට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – Photos

colombotoday

ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11 තහනම් කරයි

colombotoday

පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පුර්ණ පරීක්ෂණ වාර්තා 18ක් වැඩබලන පොලිස්පතිවරයාට නැවත යවයි

colombotoday

“අපට දාන පාට් හැකිනම් බ්‍රිතාන්‍යට, ඇමරිකාවටත් දාන්න“ – මානව හිමිකම් කොමසාරිස්ට අභියෝගයක්

colombotoday