Colombo Today Local News

මහ බැංකු නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකු විසින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල කටයුතු සදහා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වාණිජ බැංකුවල නිත්‍ය පහසුකම් සඳහා විවෘත වෙළෙඳපොළ කටයුතු යටතේ පනවා තිබූ සීමාවන් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

  • උපුටාගැනීම –

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විවට වෙළඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා සපයනු ලබන නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීම සීමා කරන ලදී.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා ප්‍රවේශ වීම දින දර්ශිත මාසයක වාර පහක (05) උපරිමයකට සීමා වූ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ලබා දෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනයකදී ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 කට සීමා කරන ලදී.

මහ බැංකුව විසින් ලබාදෙනු ලබන එක් දින නිත්‍ය පහසුකම මත පැවති ඉහළ රැඳියාව අඩු කිරීම මෙන්ම, දේශීය මුදල් වෙළඳපොළ තුළ, විශේෂයෙන්ම සැලකිය යුතු කාලයක් අක්‍රීයව පැවැති ඒක්ෂණ මුදල් වෙළඳපොළ සක්‍රීය කරවීම සඳහා සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඔවුන්ගේ ද්‍රවශීලතා කළමනාකරණය සම්බන්ධයෙන් පැවැති දුර්වලතා නිවැරදි කිරීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැනීම සඳහා පෙළඹවීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ග ගනු ලැබීය.

මෙම ක්‍රියාමාර්ග මඟින් දේශීය මුදල් වෙළෙඳපොළ සක්‍රීය වීම සහ මූල්‍ය ආයතන අතර තැන්පතු රැස් කිරීම සඳහා පැවති අධික තරගකාරිත්වය අවම කිරීම හරහා සාධනීය තත්ත්වයක් ඇති බව මහ බැංකුව නිරීක්ෂණය කරයි.

මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අනුව වෙළෙඳපොළ පොලී අනුපාතික ව්‍යූහය ක්‍රමානුකූලව අඩු කිරීමට මෙන්ම, මූල්‍ය ආයතන සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව ආරක්ෂා කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ඉවහල් විය.

දේශීය මුදල් වෙළඳපොළෙහි වර්ධනයන් මෙන්ම, ද්‍රවශීලතා මට්ටම ඉහළ යෑම සමග බලපත්‍රලාභී වාණිජ බැංකු වෙළෙඳපොළ කටයුතු සඳහා ප්‍රවේශ වන ආකාරය ඉතා විමසිලිමත්ව සලකා බැලීමෙන් අනතුරුව, විවිධ වෙළෙඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත නිත්‍ය පහසුකම මත පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට 2024 පෙබරවාරි මස 07 වන දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.

ඒ අනුව, 2024 ජනවාරි මස 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලසීමාවේ සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය ණය පහසුකම සඳහා පවතින සීමාවන් ඉවත් කරනු ලබන අතර, නිත්‍ය තැන්පතු පහසුකම මත පැවති සීමාව, දෙන ලද දින දර්ශිත මාසයක් තුළ වාර පහක (05) සිට වාර දහයක් (10) දක්වා ඉහළ නංවා ඇත.

නිත්‍ය පහසුකම සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීම හේතුවෙන් මහ බැංකුවේ සමස්ත මුදල් ප්‍රතිපත්ති දිශානතියට අනුකූලව වෙළඳපොළ පොලී අනුපාතවල අඩු වීම වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  • උපුටාගැනීම අවසන් –

Related posts

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday

මහ කන්නයට දෙන කාබනික පොහොර ගැන ඇමැතිගේ සහතිකය

colombotoday

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday

බදුර්දීන්, හකීම් ඇතුළු පාර්ශව 12ක් වැලලෙන්න ඉල්ලා දැමූ පෙත්සම් යළි කැඳවීම 30 වැනිදා

colombotoday

සොයිසාට ගේම දුන් එස්‌. එෆ්. ලොකූ බන්ධනාගාරය ඇතුළේ පිස්‌සු නටන හැටි

colombotoday

“සුපිරි ඇමති පනත හදා ඇත්තේ අමු මෝඩයෙක්“ – රාජිත

colombotoday