Colombo Today Local News

සොයිසාට ගේම දුන් එස්‌. එෆ්. ලොකූ බන්ධනාගාරය ඇතුළේ පිස්‌සු නටන හැටි

අනුරාධපුරයේ එස්‌. එෆ්. ලොකූ අසාධරණය ඉදිරියේ ලේ කෝප කර ගන්නේය. රට, ජාතිය බේරාගැනීමට ත්‍රස්‌තවාදීන් සමඟ සටන් වැදුණු එස්‌. එෆ්. අනුරාධපුරය පූජා නගරයේ ගෞරවය ආරක්‍ෂා කරලීමට ද දිවි හිමියෙන් කැපවී සිටින්නේය. වසන්ත සොයිසාට අයිති පැනරමා රාත්‍රි සමාජ ශාලාවේ නළඟනන් නැටවීම ද එස්‌. එෆ්. ලොකූ දුටුවේ ශ්‍රී මහා බෝධිය ඉදිරිපිට මාර දූවරුන් නටවන ගානටය. විටෙක එකී රාත්‍රි සමාජ ශාලාවේ රඟ දැක්‌වෙන විසූක දස්‌සන දැක එස්‌. එෆ්. ලොකූ කම්පනයට පත් වූ බව ඔහු මාධ්‍ය ඉදිරියේ පවා ප්‍රකාශ කර සිටියේය. මතින් තොර අනුරාධපුරයක්‌ ගැන ඔහු පුරසාරම් දෙඩුවේය. පසුව එස්‌. එෆ්. ලොක්‌කා පැනරමා සමාජ ශාලාවේ කෙරෙන පව්කාර වැඩේ නතර කරන්න පිඹුරුපත් සකස්‌ කළේය. අවසානයේ ඔහු ප්‍රදේශයේ තරුණයන් අසූවක්‌, අනූවකට වැඩි පිරිසක්‌ එක තැනකට එකතු කර සිහිවිකල් වන තරමට මත්aපැන් බොන්න දී කැඳවාගෙන ගොස්‌ පැනරමා රාත්‍රි සමාජ ශාලාව කුඩු කර එහි සිටි වසන්ත සොයිසාට ද පොලුවලින් පහරදී මරා දැමුවේය.

වසන්ත සොයිසා ඝාතනයෙන් පසු දවසක්‌ දෙකක්‌ හැංගිමුත්තන් කළ එස්‌. එෆ්. ලොක්‌කා අවසානයේ මාධ්‍ය ඉදිරියට පැමිණ ‘සොයිසා අනුරාධපුරයට පිළිලයක්‌… පූජා නගරය විනාශ කරනවා… බලාගෙන ඉන්න බැරි තැනයි ක්‌ලබ් එක කඩු කරන්න ගියේ. සොයිසා ගහන්න ආපු නිසා අපිත් ගැහුවා…’ කියා පොර ටෝක්‌ දුන්නේ බෞද්ධ හදවත් තුළ වීරයා වන්නටය. අනුරාධපුරය වැනි පූජනීය නගරයක වෙසඟනන් නටවන රාත්‍රි සමාජ ශාලාවක්‌ පවත්වාගෙන යැම සාදාචාරාත්මකව ගැටලුසහගත බව සැබෑය. එහෙයින් එම රාත්‍රි සමාජ ශාලාව ගැන ‘ දිවයින ඉරිදා සංග්‍රහය’ විසින් ප්‍රථම වරට මේ රටේ ජනතාව දැනුවත් කළේය. එස්‌. එෆ්. ලා කරලියට පැමිණියේද ‘දිවයින’ හෙළිදරව්වෙන් අනතුරුවය. දැන් ඒ කතා පරණය. රාත්‍රි සමාජ ශාලාවත් කුඩුය. සොයිසා ඝාතනයට සම්බන්ධ එස්‌. එෆ්. ඇතුළු තිස්‌ පස්‌දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි. යකඩ කූරු අතර කාලය ගෙවී ගියේය. සිරගත වූ තිස්‌ පස්‌දෙනාගෙන් සමාජ ශාලාව කුඩු කරන්න යන්න තම වාහනය ලබා දුන්න, කොල්ලන්ට සූර් වෙන්න කොත්තු රොටි දීලා උත්තේජනයක්‌ වූ පුද්ගලයා සමග තවත් දෙදෙනකු පසුගියදා සිරභාරයෙන් නිදහස්‌ විය. මත් වතුරෙන් තෙත බරිත වී සිහි විකල්ලෙන් ගිය මදාවි ගැටව් ටික තවම ඇතුළේය. එය අතුරු කතාවකි. එස්‌. එෆ්. ලොකුගේ බැටලු හම ගැලවී, නියම චරිතය ගැන කියෑවෙන ලස්‌සනම කතාව ඇසෙන්නේ බන්ධනාගාරයෙනි. වාර්තා වන අන්දමට ඒ කතාව පෙළගැසෙන්නේ මෙසේය.

එස්‌. එෆ්. ඇතුළු කණ්‌ඩායම අනුරාධපුර බන්ධනාගාරය ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබෙන බව ආරංචි මාර්ගවලින් කියෑවෙන්නේය. එමෙන්ම ඔවුන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව වාර්තා වන්නේය. මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා ක්‍රම කිහිපයක්‌ තිබේ. එක්‌ ක්‍රමයක්‌ එස්‌. එෆ්. ලොකූට හිතවත් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙනි. දෙවැන්න කෑම පාර්සල්වලය. බත් පාර්සලය ඇතුළේ කුඩු, ගංජා, දුම් කොළ කුඩු යවන ක්‍රමය හරිම අපූරුය. අතිශය සූක්‍ෂමය. හිස්‌ අයිස්‌ පෙට්‌ටි දෙකක්‌ ගෙන එක පෙට්‌ටියක අඩිය කොටස කපා වෙන් කරන්නේය. සම්පූර්ණ හිස්‌ අයිස්‌ පෙට්‌ටියට ‘මත්’ අඩුම කුඩුම අතුරන්නේය. පසුව කපා ගත් අයිස්‌ පෙට්‌ටියේ අඩිය කොටසින් මත්ද්‍රව්‍ය පැකට්‌ ආවරණය වන්නට හොඳින් ඇළෙන සුළු ද්‍රව්‍යයකින් අලවා ගන්නේය. පිටින් බෑලු බැල්මට හිස්‌ අයිස්‌ පෙට්‌ටියක්‌මය. කිසිදු වෙනසක්‌ නැත. පසුව හිස්‌ අයිස්‌ පෙට්‌ටිය පිරෙන්නට කෑම පුරවන්නේය. බොහෝම අපූරුවට පාර්සල් කළ කෑම පෙට්‌ටිය ඥාතී, හිතවතුන් අතේ බන්ධනාගාරය තුළට යන්නේය. මේ තමන් ගෙන යන්නේ මත්ද්‍රව්‍ය සහිත කෑම පෙට්‌ටියක්‌ බව විසිට්‌ දැමීමට යන ඇතැම්හු නොදන්නාහ. මන්ද කෑම පාර්සල් කර රැඳවියන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට ලබාදෙන්නේ ඇතුළේ ඉන්න එස්‌. එෆ්. ලොකූගේ එළියේ හිතවතුන්ය. එසේ ගෙන එන කෑම පෙට්‌ටිය භාර ගැනීමට එස්‌. එෆ්. ලොකූලාට හිතවත් බන්ධනාගාර නිලධාරියකු වන බන්ටි සැදී පැහැදී පෙර මග බලා සිටින්නේය. එස්‌. එෆ්. ලොක්‌කාට ‘මත් බත’ විසිට්‌ වැටෙන්නේ බන්ටි රාජකාරියේ සිටින දිනවලදී පමණි. එස්‌. එෆ්. ලොකුගේ නමට එන කිසිම පාර්සලයක්‌ බන්ටි පරීක්‍ෂාවකින් තොරව ඇතුළට යවන්නේය. එමෙන්ම බන්ටි රාජකාරියේ යෙදී සිටින දිනවලදී ඕනෑ පදමට එස්‌. එෆ්. ලොකූට විසිට්‌ වැටෙන්නේය. බන්ටි රාජකාරියේ හිටියත් නැතත් එස්‌. එෆ්. ගේ සුවදුක්‌ බැලීමට බන්ධනාගාරයට එන ඕනෑම කෙනෙකුට විසිට්‌ දැමීමට තහනමක්‌ නැත. එහෙත් එම වරප්‍රසාදය සෙසු රැඳවියන්ට නැත. ඔවුන් අරඹයා බන්ධනාගාර නීතිය එලෙසටම ක්‍රියාත්මක වේ.

අනුරාධපුර බන්ධනාගාරයේ සිටින බොහෝමයක්‌ රැඳවියන් ජංගම දුරකථන පරිහරණය කරති. රුපියල් දහදාහක්‌ වියදම් කරන විට පොඩි ජංගම දුරකථනයක්‌ බන්ධනාගාරය තුළදීම මිලට ගත හැකිය. ඕඩර් කර සුපිරි ස්‌මාර්ට්‌ ෆෙdaන් එකක්‌ වුවද බන්ධනාගාරය තුළදී මිලට ගත හැකිය. එකී ෆෙdaන්වලට සිම් කාඩ් ඇතුළට යන ක්‍රමයද හරිම අපූරුය. එනම් ලොකු කෙසෙල් ඇවරියක ඇතුළත ගෙඩියකට අතිශය සූක්‍ෂ්මව සිම් කාඩ් පත ඇතුළු කරන්නේය. අනතුරුව විසිට්‌ එකක්‌ මාර්ගයෙන් කෙසෙල් ඇවරිය ඇතුළට යන්නේය. කුඩු, ගංජා උරන්නට රැඳවියන් ගෙවල්වලින් සල්ලි ගෙන්න ගන්නේ ජංගම දුරකථන හරහා ඊසී කෑෂ් ක්‍රමයටය. එස්‌. එෆ්. සමග සිරගත වී සිටින තිස්‌ පස්‌ දෙනාගෙන් වැඩි පිරිස අවුරුදු දහඅටේ, විස්‌ස වයසින් බාල කොලු ගැටව්ය. මේ ගැටව් සල්ලි ඊසි කෑෂ් කරන්න කියා තම ඥාතීන්ට කරදර කරන්නාහ. රුපියල් දෙදෙහස, තුන්දහස, හාරදහස ඊසි කෑෂ් ක්‍රමයට බන්ධනාගාරය ඇතුළට ගෙන්වා ගන්නේය. එස්‌. එෆ්. සමග සිරගත වූ කොලු ගැටවුන්ගේ දෙමවුපියෝ බොහෝ දෙනා බන්ධනාගාරය තුළ සිදුවෙන මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන දැන සිටින්නාහ. එහෙත් එස්‌. එෆ්. ලොකූට තිබෙන බිය නිසා ඒ ගැන නොදන්නා සේ සිටින්නාහ. අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් තුන්සීයක්‌ පමණ සේවයේ නිරතව සිටිය ද ඒ අතරින් නීති විරෝධී පාදඩ ක්‍රියා සිදු කරන අය පස්‌ හයදෙනකුට වඩා නැත. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් එස්‌. එෆ්. ලොකූලාගේ ජාවාරම්වලට විරුද්ධය. එහෙත් ඔවුන් ප්‍රසිද්ධියේ කතා කිරීමට අකැමැතිය. බන්ධනාගාර නිලධාරියකු වුවද ඔවුන් එළියේදී සාමාන්‍ය වැසියෙකි.

බන්ධනාගාර තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම ද පැරැණි කතාවකි. අනුරාධපුර බන්ධනාගාරය තුළ ද කාලයක සිටම මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කෙරෙන බව රහසක්‌ නොවේ. බන්ධනාගාරය තුළ කුඩු ජාවාරමට ප්‍රසිද්ධ චරිත සිටිති. රැඳවියන් සේම බන්ධනාගාර නිලධාරීන් ද මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සිටින බව වාර්තා වේ. බන්ධනාගාරය තුළ එස්‌. එෆ්. කරන ජාවාරම් ඉස්‌මතු වන්නේ ඔහු යහපත් සමාජයක්‌ නිර්මාණය කිරීම ගැන පොර ටෝක්‌ දුන් නිසාය. පසුගිය ඉරිදා අනුරාධපුර බන්ධනාගාර නිලධාරියකු කුඩු සමග කොටු වී සිටින බව ද බන්ධනාගාර ආරංචි මාර්ග ඇසුරින් කියෑවෙන්නේය. එහෙත් එය කිසිදු මාධ්‍යයකින් හෙළිදරව් වූයේ නැත. වාර්තා වන අන්දමට එම නිලධාරියා සම්බන්ධව දැනටමත් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙවැනි බන්ධානාගර ගැන කියෑවෙන්නේ චිත්‍රපටවලය. එහෙයින් මෙවැනි කතා කියවන විට රසවත්ය. එහෙත් කතාව කියවා තේරුම් යන විට අප ජීවත් වන රට ගැන දුක හිතෙන්නේය.

එස්‌. එෆ්. ලොක්‌කා එක්‌තරා පුද්ගලයකු පමණි. කසිකබල් දේශපාලනඥයන්ට උන් පොරවල් වුවද, සමාජයට එස්‌. එෆ්. තොරොම්බල් කළ යුතු ලොකු පොරක්‌ නෙමෙයි. සමාජයේ නුහුරට ගිය එකෙක්‌ නැවත හරි මඟට වැටෙන්නේ ද කලාතුරකිනි. මන්ද ඡන්ම ගති මකන්නට තරමක්‌ අසීරු නිසාය. එසA. එෆ්. ලොකූ ද අනුරාධපුර බන්ධනාගාරය තුළ මේ ප්‍රදර්ශනය කරමින් සිටින්නේ ඔහුගේ උපන් පුරුදුය. අප කම්පනයට පත් කරවන්නේ ඔහුගේ ඡන්ම ගති ප්‍රදර්ශනය කිරීමට බන්ධනාගාර තුළ ඉඩ ලැබීම ගැනය. බන්ධනාගාරයක්‌ යනු රටක ශිෂ්ටත්වය, පෞරුෂය, නීතිය හා විනය පිළිබඳ ප්‍රකාශනයකි. අනුරාධපුර බන්ධනාගාරය තුළ එස්‌. එෆ්. ඇතුළු ජාවාරම්කාරයෝ මේ ප්‍රදර්ශනය කරමින් සිටින් එකී සොදුරු කියවීමය.

-තරංග රත්නවීර-

Related posts

“හමුදාව ඉන්නේ දැඩි කලකිරීමෙන්.. කුමන්ත්‍රණ කිරීමට කිසිදු උවමනාවක් නෑ“ – නාවික හමුදාපති

colombotoday

ජාත්‍යන්තර කොටි ජාලය ජීනීවාහී රැස්වෙයි… ගෝඨාභයට එරෙහි මෙහෙයුම සැප්. 7 ඇරඹෙයි…

colombotoday

නැගනහිර පුරාවිද්‍යා සංහාරයේ පිටුපස ඇමති හිස්බුල්ලා – පුරාවිද්‍යා කාර්යාලයත් ඉවත් කරයි

colombotoday

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday

මහින්දගේ නුගේගොඩ රැලියට, රනිල්ගෙන් පිළිතුරු රැලියක් අනුරාධපුරේදී !

colombotoday

සජිත් හැර යන නිලූකා.. සමගි ජන බලවේගයේ නොනැවතීම වැල වීවෘතයි

colombotoday