Colombo Today Local News

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ යුද සැමරුම් ස්මාරකය අද (13)දින අලුයම් කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩාදමා පලා ගෙස් ඇතැයි මුල්ලිවයික්කාල් පොලීසිය කියයි.

යුද්දය අවසන් වී වසර 12 ක් පිරීම නිමිත්තෙන් මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මරකය පිරිසිදු කිරීමට ගිය මුල්ලි වයික්කාල් වැසියන් ස්මාරකය කඩා දමා ඇති බව දැක ඒ බව මුලතිව් පොලීසියට දැනුම් දී ඇත.

එමෙන්ම මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාරකයේ පහන් කණු ස්මාර්කයේ පහන් දල්වන ප්‍රධාන පහන ආදිය කාඩා ස්මාරකයට දැඩි හානි කොට ඇති බවටද ප්‍රදේශවාසීහූ පවසා සිටියහ.

පවතින කොවිඩ් අවදානම හේතුවෙන් මෙවර මුල්ලිවයික්කාල් යුදසැමරුම් උත්සවයක් නොපැවත්වුවද එම ස්ථානය පිරිසිදු කිරීමට යාමේදී මෙම සිදුවීම සිදුව ඇතැයිද ඔවුහු කීය.

Related posts

එජාපයේ තවත් පිරිසක් පිල් මාරු කරයි

colombotoday

නැවත දැනුම්දෙනතුරු රටපුරා ඇදිරි නීතිය…

colombotoday

රතන හිමි චම්පිකට රිද්දන්න බදුර්දීන්ට අවි අමෝරයි

colombotoday

රාජ්‍ය සේවකයාගේ ඡන්දය ඉල්ලීමේ අයිතිය අහෝසියි.. හීන් කෙදිරියක්වත් නැතිව ජවිපෙ අත උස්සයි

colombotoday

එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලයට එක්කළ පුද්ගලයින් අත්අඩංගුවට

colombotoday

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday