World

වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයි

ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ කාන්තාවක විසින් වැසිකිළි දෙකක් සෑදුවේ යැයි ඉන්දීය රජය ඇයට උපහාර දක්වා තිබෙනවා. එම කාත්නාව වැසිකිළි දෙකක් සාදා ඇත්තේ සිය එළු පට්ටිය විකුණා ලබාගත් මුදලින්. ඇයගේ ක්‍රියාව අගය කරමින් ඉන්දීය ඇගමැති නරේන්ද්‍ර මෝදි ඇයට ප්‍රසිද්ධියේ දණ ගසා වැද ආචාර කර තිබෙනවා.

ඉන්දියාවේ ජනගහනයෙන් 60%ක් වැසිකිළි භාවිතා නොකරන අතර එරට ප්‍රසිද්ධ මංමාවත්වල දෙපස පවා ප්‍රසිද්ධියේ ශරීරකෘත්‍ය කරන පුද්ගලයන් සුලබ දසුනක්. මෙය ඉන්දියාවේ සෞඛ්‍ය තත්වයටද බරපතල ගැටළුවක් වී තිබෙන අතර ඉන්දීය ජනයා වැසිකිළි භාවිතයට හුරු කිරීම සදහා ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

Related posts

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

Admin

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි විසිතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

පුටින්: රුසියානු ප්‍රහාරක යානය බිමදැමුවේ ත්‍රස්තවාදීන්ගේ හවුල් කාරයායි – මේ ඇරබෙන්නේ ලෝක යුධ සංග්‍රාමයද?

colombotoday

සිංහයන් ටත් කොවිඩ් අසාදනය වෙයි

colombotoday

සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක්

Admin

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

colombotoday